චීනයේ වයස අවුරුදු හයක දැරියකගේ පිටෙහි, අත් පා වල හා මුහුණේ තැන් කිහිපයක පූස් පැටියකුගේ මෙන් අසාමාන්‍ය ලෙස වැඩෙන රෝම ඉවත්කිරීමේ සැත්කමක් චෙණ්ඩු පළාතේ රෝහලක සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිරිතදිග චීනයේ සිචුවානා හි වාසය කරන සාඕ සින්රුයි නමැති මේ දැරියගේ සිරුරේ රෝම මතුවීමට පටන්ගෙන ඇත්තේ වසරකට පමණ පෙර බව ඇගේ පියා පවසයි. පපු පෙදෙසේ මුළින්ම රෝම මතුවී ඇත. මුලින් ම තරමක් දුර්වර්ණ සිනිදු රෝම මතුවූ බවත් පසුව තද කළු පැහැ වූ බවත් ඔහු කියයි. මේ රෝම දුටු මව ඇයත් පියාත් හැරදමා ගොසිනි.
හතලිස් පස් හැවිරිදි පියා ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ සිය මව හා පියා සමග වෙසෙමිනි. ඔවුන්ට නිශ්චිත ආදායමක් නැත. දැරියගේ රෝගය ගැන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ආධාර ලෙස ලැබී තිබේ.
වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් බවයි. රෝම වැඩුණු සම ඉවත්කැර එතැනට නව සමක් බද්ධ කිරීමෙන් ඇය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බව ද ඔවුහු කියති.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.