චීන ආර්ථිකයේ දැනට පවතින මන්දගාමීත්වය ලොව ප‍්‍රධාන රටවල් රැසකට සෘජු ලෙස බලපෑම් එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මේ හේතුව නිසා බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ද කොටස් වෙළෙඳපොළ මිල ගණන් සීඝ‍්‍ර ලෙස පහත වැටී ඇති බව ද විදෙස් පුවත් සේවා වැඩි සඳහන් කරයි.
සති කිහිපයක් පුරා චීන කොටස් වෙළෙඳපොළ කඩාවැටෙමින් පවතින අතර, ණය අනුපාත, පොළී අනුපාත කපා හැරීමට ද චීන මහ බැංකුව කටයුතු කර තිබුණි.
ගෝලීය වෙළෙඳපොළවල් අර්බුදයකට ලක්කරමින් මේ සතියේදී චීන කොටස්වෙළෙඳපොළ මිල ගණන් සියයට 16කින් පහත වැටුණි. චීන කොටස්වෙළෙඳපොළ කඩා වැටීම හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ආසියා හා ඇමෙරිකා කොටස් වෙළෙඳපොළවලද දැඩි පසුබැසීමක් දක්නට ලැබුණි.
චීන මහ බැංකුව පසුගිය වසරේ නොවැම්බරයේ සිට මේ දක්වා සිව්වතාවක් පොළී අනුපාත කපා දැමූ අතර පෙරේදා පොළී අනුපාත කපා දැමුවේ පස්වැනි වතාවටය.
බීජීංහිදීය (රොයිටර්)
COMMENTS
ඇමෙරිකාවේ බඩු චීනේ හදන එක නවත්වන්න ඕනෑ (බ)
දැක්කද, රනිල් අගමැතිතුමා චීනය එක්ක ගනුදෙනු අඩු කර ගමන් චීන ආර්ථිකය කඩා වැටුණා (ම)
දැක්කද, රනිල් අගමැතිතුමා චීනය එක්ක ගනුදෙනු අඩු කර ගමන් චීන ආර්ථිකය කඩා වැටුණා (ම).
චීන්නු හදපු බඩු දැන් තමයි කැඩෙන්න අරන් තියෙන්නේ, කවූරුත් දෙපාරක් නම් ගන් නෑ එව! (අ)