චීනයේ හොංකොං නගරයේ විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයකට පැමිණ සිටි 1000ක පමණ සිසු සිසුවියන් කළු මුහුණු ආවරණ පැළඳ විරෝධය පළ කළ බව වාර්තා වේ.
"හොංකොං නිදහස් කරනු", "විප්ලය ඇරඹී ඇත" යනුවෙන් සඳහන් පුවරු ද ඔවුහු ඔසවාගෙන සිටියහ.
චීනය විසින් පාලනය කරන හොංකොං නගරයේ මාස පහකට වැඩි කාලයක් තිස්සේ පවතින නොසන්සුන්තාවයන් පාලනය කිරීමට රජය පියවර ගත් අතර මුහුණු ආවරණ සඳහා තහනමක් ද පනවනු ලැබීය.
උපාධි ඇඳුමින් සැරසුණු සිසුන් නගරයේ දුම්රිය පොළේ සිට උත්සව ශාලාව දක්වා විරෝධතා පාඨ ගායනා කරමින් ගමන් කළ බව සඳහන් වේ.
බොහෝ විරොධතාකරුවන්ගේ කෝපයට හේතුවී ඇත්තේ හොංකොං සඳහා පොරොන්දු වූ නිදහසට චීන රජයේ මැදිහත්වීම හේතුවෙනි.
දිගින් දිගටම පවතින විරෝධතා නගරයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රය ද කඩාවැටීමට හේතුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.