චීන අගමැති ලී කෙකියැං පෙරේදා (19) සවස තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
චීන අගමැති නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණියේ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟය.
අගමැති කෙකියැං, ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී චීනයත් ඉන්දියාවත් අතර නිර්මාණය වී ඇති දේශසීමා අර්බුදය ගැන සාකච්ඡුා කිරීම ද නියමිතය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
චීන අගමැතිවරයාගේ සංචාරය නිමිත්තෙන් නවදිල්ලි නුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය. නවදිල්ලියේ උමං දුම්රිය ස්ථාන කිහිපයක් ද වසා දමා ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවත් සමඟ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීම ද චීන අගමැති ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.
අගමැති ධුරයට පත් වීමෙන් පසු, ලී කෙකියැං ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. ඔහු මීට පෙර ඉන්දියාවේ සංචාරය කළේ ඇමැතිවරයකු ලෙසය. ඒ 27 වසරකට පෙරය.
|
චීන අගමැති (වමේ) ඉන්දීය අගමැති හමුවී... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ලෝකේ තියනා තැන කොහොම තැනක් ද කියනවා නම් මෙහෙට එන රාජිය නායකයෝ දිහා බැලුවම පෙනෙනවා. මෙච්චර උදවු කරනවා කියන ඔය ඉන්දියා, චීන, රුසියා නායකයෙක් ඒවිද. ඔක්කොම එවන්නේ නියෝජිතයෝ.(නදී)
ඉන්දියාවට වසරක් ඇතුලත ඇමරිකන්, රුසියන්,ප් රංශ,බ්‍රිතාන්‍ය නායකයෝ ආවා. දැන් චිනෙනුත් ඇවිල්ලා. අපි පොදුරාජ්‍ය මණ්ඩල නායකයෝ ටික ගෙන්වා ගන්ට පොරකනවා.(නදී)
අපටත් ආවේ ස්වාසිලන්තෙන්.අන්න එක බිරියක් එංගලන්තෙට පැනලා ගිහින් ආධාර ඉල්ලලා.අන්න එහෙම අය තම අපේ යාලුවෝ. ආ.... ඒකට මොකෝ ඒ රජෙක්නේ.... (නි)
මේකෙන් කියන්නේ එකට වෛර කරගන්න රටවල් දෙකක් උනත් මේ දෙන්නගේ ආර්ථික දියුණුව නිසා එකිනෙකාට දැනෙන ආර්ථික වැදගත් කම. අපට එහෙමද? අපිට පරිප්පු බෙදුවත්,ඉන්දුලංකා ගිවිසුම බලෙන් අත්සන් කරත් අපිට වැදගෙන ඉන්නයි වෙලා තියෙන්නේ. (නදී)