IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීනය හඳට යානයක් යවන්න යයි

මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමට චීනය සැළසුම් කර තිබේ.

චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ යානය හෙට (24) අලුයම් කාලයේදී දකුණු දිග හයිනාන් පළාතේ වෙන්චැං ප්‍රදේශයෙන් ගුවන් ගතවන බවයි.

චැන්ජි-5 ලෙස නම් කර ඇති මෙම යානය මගින් චන්ද්‍ර පාෂාණ ගෙන ඒමට සැලසුම් කර තිබේ.

1970 දශකයේ සඳවෙත ගමන් කිරීමෙන් පසු පාෂාණ ගෙන ඒම සඳහා යානයක් සඳවෙත යන ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

සඳ මතුපිට සිට මීටර් දෙකක් යටින් ඇති පාෂාණ කිලෝග්‍රෑම් දෙකක් සහ වෙනත් සුන්බුන් රැගෙන ඒම මෙහෙයුමේ ප්‍රධාන කාර්යයයි.

එමගින් අලුතින් ලබාගත් චන්ද්‍ර පාෂාණ අධ්‍යනය කිරීමට විද්‍යාඥයින්ට හැකිවනු ඇතැයි චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

යානයට සඳ වෙත යෑමට දින තුනක් ගතවේ. එය සඳ මත රැඳී සිටින්නේ කෙටි කාලයකි. එනම් පෘථිවි දින 14 කි.

චීනය මීට වසර දෙකකට පෙර සඳ වෙත යැවූ චැන්ජි-4 යානය මේවනවිටත් සඳෙහි අඳුරු කොටසේ ගවේෂණ කටයුතු සිදුකරමින් සිටියි.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

චීනය හඳට යානයක් යවන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site