IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීනය වී.පී.එන් තහනම් කරයි

බීජිංහිදීය (රොයිටර්)
 
වී.පී.එන් (වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක්) මත තහනමක් පැනවීමට චීනය හෙට, මාර්තු (31) වැනිදා සිට සූදානම් වන බව වාර්තා වේ. 

 
මේ තත්ත්වය නිසා වඩාත් අපහසුතාවට පත්වන්නේ චීනයේ ව්‍යාපාරික හා පාරිභෝගික ප්‍රජාවය. කෙසේ නමුත් තහනම ක්‍රියාත්මක වන්නේ කෙසේද සම්බන්ධයෙන් චීන නියාමකයන් මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැත. 
 
චීනය යනු ලොව විශාලතම සහ වඩාත් බලසම්පන්නම අන්තර්ජාල බාධකය ක්‍රියාත්මක කරන රටය. ඔවුන්ගේ සයිබර් අවකාශ පාලනය මඟ හැර යා හැකි එකම ක්‍රමවේදය වී.පී.එන් ක්‍රමවේදයයි. චීනය තුළ තහනම් කර ඇති වෙබ් අඩවි, ප්‍රවෘත්ති වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ සෙවුම් යන්ත්‍රවලට පිවිසීමට ව්‍යාපාරික හා පාරිභෝගික ප්‍රජාවට සතුව ඇති එකම ක්‍රමවේදය වී.පී.එන් තාක්ෂණයයි.  
 
චීන රජය පසුගිය වසරේදී රජය අනුමත නොකළ වී.පි.එන් භාවිත කිරීම තහනම් කළේය. එහි තවත් පියවරක් ලෙස හෙට සිට රජයේ නොවන අනෙකුත් සියලු වී.පි.එන් තහනම් කිරීමට චීන රජය තීරණය කර තිබේ. මේ අනුව මෙම නීතිය හෙට, මාර්තු 31 ක්‍රියාත්මක වන බව පැවසේ. මෙම වී.පී.එන් තහනම දැඩි ලෙස ක්‍රියාත්මක වන බව චීන රජය ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක වන ආකාරයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. 
 
මෙම නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමත් කර නැති බවත් එම නිසාම එහි විනිවිදභාවය අඩු බවක් පෙනී යන බවත් ව්‍යාපාරික ප්‍රජාව පවසති. 
 
“මෙය එක්වරම බලපෑමක් වෙන එකක් නැහැ. එහෙත් අපට මෙතෙක් ඒ ගැනි කිසිදු පැහැදිලි කිරීමක් කර නැහැ” යැයි බීජිං නුවර ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපද තාක්ෂණ සමාගමක විධායක නිලධාරියෙක් පැවැසීය. 
 
“මේ ආකාරයේම නීති යටතේ අපේ නිෂ්පාදන ඉවත් කළා. ඒ වගේම ඇතැම් නිෂ්පාදනවලට නිරීක්ෂණ හා පරීක්ෂණනවලින් පසුව අවසර ලැබුණා. ඒ නිසා ඉක්මන් තීරණවලට යන්නට කලින් සාකච්ඡාවක් පැවැත්වේවි කියලා මම විශ්වාස කරනවා” යැයි එම විධායක නිලධාරීයා කීය. 
 
චීනයේ සයිබර් අවකාශ පරිපාලන ආයතනය සහ කර්මාන්ත හා තොරතුර තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම නව නීති කෙටුම්පත් කර තිබෙන ඇති නමුත් එම ආයතනය හෝ අමාත්‍යාංශය නව නීති සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළේය. 

055



අදහස් (0)

චීනය වී.පී.එන් තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site