IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට සැරසෙයි

බීජිංහිදීය (රොයිටර්)
 
වසර ගණනකට පසු චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව එරට බැංකු හා රක්ෂණ නියාමන ආයතන ඒකාබද්ධ කිරීම, නව අමාත්‍යාංශ ස්ථාපිත කිරීම, මහ බැංකුව ආදී ප්‍රතිපත්ති හා තීරණ ගන්නා ආයතනවලට නව බලතල දීම , අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම යනාදි ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.
 

චීනය මෙවැනි තීරණයක් ගත්තේ වසර ගණනකට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රතිසංස්කරණමය තීරණ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ බලය හා ඔහුගේ දේශපාලන සහ ආර්ථික වැඩසටහන තවත් ශක්තිමත් කරන්නකි. 
 
එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය තුළ තමා කේන්ද්‍රස්ථානය කරමින් පක්ෂ ප්‍රතිපත්තියත් තම දේශපාලන ආර්ථික වැඩසටහනත් පක්ෂයේ කේන්ද්‍රීය මතය බවට පත්කිරීමේ එක් පියවරක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
 
චීන කොමියුනිස්ට් පක්ෂයේ කොංග්‍රසය පැවැත්වෙන්නේ වසර පහකට වරකි පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පක්ෂයේ කොංග්‍රස් හමුව පැවැත්විණි අතර එහිදි චීනයේ ආර්ථිකය සහ පක්ෂය අවස්ථා කිහිපයකදීම එකිනෙකට සම්බන්ධ හා මැදිහත් විණි. 
 
එය පෙර දක්නට තිබුණාට වඩා වැඩි මැදිහත් වීමකි ෂී ජනාධිපතිවරයා පක්ෂය තුළ මෙන්ම ජනාධිපතිවරයා ලෙස බලය තහවුරු කරගැනීම ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ලැබුණු සහයකි.
 
ඉහළ අවදානමක් සහිත ණය දීමේ ක්‍රමවේදවලට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් සහ ඉහළ සමාගම් ණය මට්ටම් පහත දැමීමේ අරමුණින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 42ක වටිනාකමකින් සමන්විත බැංකු හා රක්ෂණ ක්ෂේත්‍ර මෙලෙස දැඩි කිරීමට චීනයට පියවර ගෙන තිබේ.
 
“පක්ෂය සහ රාජ්‍ය ආයතනවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පක්ෂයේ දීර්ඝකාලීන පාලනය ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශය” දෙයක් යැයි ෂී ජනාධිපතිවරයාගේ ඉහළ පෙළේ ආර්ථික උපදේශක සහ මෙන්ම විශ්වාසවන්තයක වන ලියු හී චීනයේ ‘පීපල්ස් ඩෙයිලි’ පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කළේය.
 
නව අමාත්‍යාංශ, ඒකාබද්ධ කරන ලද අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන, නව නියාමන ආයතන, ඒවාට පත් කරන ලද ප්‍රධානීන් කවුරුන්ද යන වග සහ නව ප්‍රතිසංස්කරණ යනාදිය චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය අවසන් වීමට නියමිත මාර්තු 20 වැනි දිනට පෙර නිවේදනය කිරීමට නියමිතය. 

055



අදහස් (1)

චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට සැරසෙයි

hira Wednesday, 14 March 2018 05:12 AM

මෙන්න ජනාධිපතිවරු. රටවැසියාට බොක්කෙන්ම ආඩම්බර වෙන්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site