නිරිත දිග චීනයේ ඇති වූ භූමි කම්පාවකින් 12 දෙනෙකු මියගොස් 134 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.
භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.0ක් වූ අතර බොහෝදෙනෙකු සුන්බුන් අතර සිර වී ඇතැයි වාර්තා වේ.
සිචුවාන් පළාතේ යිබින් හි ඇති වූ මෙම භූම්කම්පාව නිසා ගොඩනැගිලි රැසකට හානි වී සිදු වී ඇත.
4,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් මාර්ග සහ ප්‍රධාන අධිවේගී මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
භූමි කම්පාවෙන් පසු ඇති වූ තත්ත්වය පාලනය කිරීමටත් මුදාගැනීමේ කටයුතු සඳහාත් ගිනි නිවන භටයන් 500ක් ඇතුළු මුදාගැනීමේ භටයන් යෙදීමට ද බලධාරිහු පියවර ගත්හ.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd