(ඒ.එෆ්.පී.* ගිණිකොනදිග චීනයේ ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් මතට ඊයේ (4) උදෑසන හදිසියේම පස් කන්දක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනකු සහ ගුරුවරු තිදෙනෙක් පණ පිටින් වැළැලූණහ. චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ අන්දමට එම පාසල ඉදිකර තිබුණේ යුවාන් ප‍්‍රාන්තයේ ෂෙංහේ ගම්මානයේ පස් කන්දක් පාමුලය. පස් කන්ද හිටිහැටියේ කඩා පාත් වූ හෙයින් එහි සිටි දරුවන්ට හෝ ගුරුවරුන්ට හෝ පාසලෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. අනතුර වාර්තා වූ සැණින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ පස් තට්ටු ඉවත් කරමින් දරුවන් බේරා ගැනීමට උත්සහ ගෙන ඇත. කම්පනයට පත් දරුවන්ගේ මා පියන් හඬා වැළෙපෙමින් පස් අතර සිරවූ තම දරුවන් සෙවූ බව ද ෂිංහුවා පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී. ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා යුවාන් ප‍්‍රාන්තය රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් දෙදරා ගියේය. කඩා වැටීමට ලක් වූ එම පස් කන්ද ද භූමි කම්පාවලින් දෙදරා ගොස් තිබුණි යැයි බලධාරීහු පවසති. කෙසේ නමුත් පස් කන්ද කඩා වැටේවි යැයි ෂෙංහේ ගම්වාසීන් හෝ යුවාන් ප‍්‍රාන්ත බලධාරීන් හෝ කල්තියා දැන නොසිටි බව ද වාර්තා වේ. ඉකුත් සැප්තැම්බර් මස සිදුවූ එම භූමි කම්පාවෙන් 81 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 820 දෙනෙක් තුවාල ලැබූහ. ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වූ බව වාර්තා විය.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක් අපගේ බලවත් කණගාටුව..!(නු)