චීනයේ සංචාරක ආකර්ෂණීය සතකු වන යෝධ පැන්ඩා ගේ මළපහ කඩදාසි නිශ්පාදනයට යොදාගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
සිචුවන් පළාතේ පිහිටි පැන්ඩාවන් සුරක්ෂිත කිරීමේ ජාතික ආයතනය විසින් කඩදාසි නිශ්පාදන සමාගමක් සමඟ මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර ඇත.
පැන්ඩා සතුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ බට ශාකයයි. එහි ඇති අධික කෙඳි සහිත බව නිසා ප්‍රතිචක්‍රීකරණය කරන ලද මළපහ කඩදාසි නිශ්පාදනයට පහසුවෙන් යොදා ගත හැකි බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
වැඩුණු පැන්ඩාවෙකු දිනකට කිලෝග්‍රෑම් 10ක පමණ මලපහ ප්‍රමාණයක් පිටකරන අතර එමෙන් පස්ගුණයක පමණ ආහාර ප්‍රමාණයක් සපා ඉවත දමයි. ගිවිසුමට අනුව කඩදාසි සමාගම විසින් සතියකට වරක් මේ සියල්ල එකතු කර රැගෙන යා යුතුය.
මේවා මගින් නිපදවන ටිෂූ කඩදාසි පැන්ඩා ලේබලය යටතේ වෙළඳපොලට පැමිණීමට නියමිතය.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.