බීජිංහිදීය (ඒ.එෆ්.පී)
චීන ජනාධිපති ෂී ජින්පින්ග් පරිපාලනය යටතේ 2013 වසරේ සිට මේ දක්වා කාලයේදී අල්ලස් හා දූෂණ චෝදනාවලට වැරුදිකරුවන් පහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් ලක්ෂ 13 දෙනකුට එරෙහිව චීන පරිපාලනය නීතිය ක්‍රියාත්මක කර ඇතැයි එරට දූෂණ විරෝධී නිරීක්ෂණ සංවිධානයක් කරුණු අනාවරණය කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් පරිපාලනය යටතේ දූෂණ විරෝධී ඒකකයක් ද පිහිටුවා තිබෙන අතර දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම චීන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු ප්‍රතිපත්ති සැලැස්මේ ප්‍රමුඛතම කාර්යයක් ද වේ. ඒ අනුව පසුගිය කාලයේදී තනතුරුවල උස් පහත්කම් නොබලා අල්ලස්, වංචා හා දූෂණ චෝදනාවලට වැරැදිකරුවන් වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි වාර්තාව වේ.
චීන ජනාධිපතිවරයා එරට කොමියුනිස්ට් පක්ෂයේ, පක්ෂ නායකත්ව සමුළුවට ද සූදානම් වෙමින් සිටින අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි කොංග්‍රස් සමුළුව මේ මස අගදී පැවැත්වීමට නියමිතය.
ලැබී තිබෙන තොරතුරු අනුව 2013 වසරේ සිට මේ දක්වා කාලයේදී ගම් මට්ටමින් අල්ලස්, වංචා හා දූෂණ ආදී චෝදනාවලට වරදකරුවන් වූ නිලධාරීන් 648,000ක දෙනක-ට දඬුවම් දී තිබෙන බව චීනයේ විනය පරීක්ෂාව සඳහා මධ්‍යම කොමිසම සඳහන් කර තිබේ. දඬුවම් ලැබූ බොහෝ දෙනා කුඩා පරිමාණයේ දූෂණ අපරාධවලට වරදකරුවන් වූ අය බව පැවසේ.
දඬුවම් ලැබූවන්ගෙන් බොහෝ දෙනා පහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරින් වුවද ඉහළ තනතුරුවල සිටින පිරිස් ද දඬුවම් ලබා ඇතැයි වාර්තා වේත. පසුගිය අගෝස්තු මාසයේදී චීන මුදල් අමාත්‍යාංශයේ දූෂණ විරෝධි කමිටුවේ ප්‍රධානියාට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කෙරුණි. ඔහුට අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී තිබේ.
චීන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පවතින චීනයේ බලවත්ම ආයතනයක් වන මධ්‍යම හමුදා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට දූෂණ චෝදනා සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරුණි.
(055)


COMMENTS
මේවා ලංකාවෙත් ක්‍රියාත්මක කරන්න. රටෙන් හොරකම් කරපු අයට දඬුවම් කරන්න. යහපාලනය යටතේත් මේවා වෙන්නේ නැහැ වගේ. එකයි මහින්ද සහ මිතුරු හමුව තවම නිදැල්ලේ ඉන්නේ....
සුගත් වැඩ කර කර හම්බකරන එකයි වැඩ නොකරම හම්බකරන එකයි දෙකක්