IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


චීනයේ ඩෙල්ටා රැල්ල අවසන් නෑ

චීනයේ 'කොවිඩ් 19' ඩෙල්ටා රැල්ල තවමත් අවසන් නැති බවත්, එය පාලනය කර ගැනීම අසීරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සෞඛ්‍ය අංශ, නව ආසාදිතයන් වෙන් කිරීමටත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත් පියවර රැසක් ගෙන ඇති බව ද පැවැසෙයි.

මෙම නව කොවිඩ් රැල්ල ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් මස ආරම්භයේදීය. ඔක්තෝබර් 17 වැනිදා සිට මේවනවිට චීන සමාජයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 1,308 කි. ඒ සියලු දෙනාට ආසාදනය වී ඇත්තේ 'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයයි. මේවනවිට චීනයේ පළාත් 21 කින් ආසාදිතයන් හමුවී ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව චීනයෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 98,315ක් වන අතර, වාර්තාවී ඇති මරණ ගණන 4,636 කි. 'කොවිඩ් 19' වයිරස වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එය ලොව පුරා ව්‍යාප්තවෙද්දී 'ඩෙල්ටා' වැනි විකෘති ප්‍රභේද නිර්මාණය විය. අද යළි 'කොවිඩ් 19' චීනයට පැමිණ ඇත්තේ විකෘති ප්‍රභේදයක් ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

චීනයේ ඩෙල්ටා රැල්ල අවසන් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site