චීනයේ  ගල අඟුරු පතලක  වහලය කඩා වැටීමෙන්  පුද්ගලයින් 21 දෙනකු පමණ මිය ගොස්  ඇතැයි  එරට මාධ්‍ය වාර්තා කරයි.


උතුරු චීනයේ  ෂැන්සි පළාතේ   ලිජගෝව්  නගරයේ මෙම අනතුරු සිදු වී ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ කම්කරුවන් 87 දෙනකු  එහි සේවය කර ඇති අතර  ඉන් 66 දෙනකු බේරාගැනීමට සමත් වී ඇතැයි  වාර්තා වේ.


 මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයි එරට රජය පවසයි.

පසුගිය  ඔක්තෝබර් මාසයේ ද චීනයේ නැගෙනහිර   ෂැන්ඩොංග් පළාතේ සිදු වු මෙවැනිම අනතුරකින්  කම්කරුවන් 21 දෙනකු මිය ගොස්  තිබේ.


 ( බීබීසී ඇසුරෙනි)

(36698 )