චීනයේ නිරිත දිග ගුයිෂෝ පළාතේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 14දෙනකු පමණ මියගොස් තිබේ.
 
කම්කරුවන් හත්දෙනකු ආරක්ෂිතව බේරාගෙන ඇති අතර කම්කරුවන් දෙදෙනකු  තවමත් පතලේ සිරවී සිටින බව බලධාරීහු පවසති.
 
ඔවුන් දෙදෙනා බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපයේ චීනයේ ගල් අඟුරු ආකරවල සිදුවූ අනතුරු පහකින් පුද්ගලයන් 37දෙනකු මියගොස් තිබේ.

පසුගිය වසරේ චීනයේ සිදුවූ පතල් අනතුරු වලින් 333දෙනකු මියගොස් ඇත. දුර්වල ආරක්ෂක උපක්‍රම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව මාධ්‍ය සඳහන් කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)