IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චීනය එවරස්ට් කඳුවැටිය ආශ්‍රිත සංචාරක කඳවුරු වසා දමයි

එවරස්ට් තරණය කිරීම සඳහා බලපත්‍ර නොමැති සංචාරකයන්ගේ කඳවුරු වසා දැමීමට චීනය පියවර ගෙන තිබේ.
 
කඳුනගින්නන් විසින් එවරස්ට් කඳුවැටිය සහ ඒ අවට ප්‍රදේශවල විශාල කසළ ප්‍රමාණයක් දමා ඒම මෙයට හේතු වී ඇත.
 
මේ අනුව සංචාරකයන්ට යා හැක්කේ කඳුවැටියේ ආශ්‍රම සහිත ප්‍රදේශය අසළට සහ කඳවුරුවලට මීටර් 5200ක්  පමණ දුර ප්‍රමාණයක් පමණි.
 
සංචාරකයන් නේපාලයේ දකුණු ප්‍රදේශයේ සිට එවරස්ට් වෙත පිවිසෙන අතර ටිබෙට්හි පිහිටා ඇති චීන සංචාරක කඳවුරට පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීම හේතුවෙන් ඔවුහු චීනයෙන්ද ඒ වෙත පැමිණෙති.
 
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමග ‘ලොව විශාලතම කසළ කන්ද’ ලෙස හඳුන්වන එවරස්ට්හි කසළ ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වී ඇතැයි බලධාරීහු පවසති.
 
මේ තත්ත්වය නිසා වසරකට එවරස්ට් තරණය කරන සංචාරකයන් ප්‍රමාණය 300 දක්වා සීමා කිරීමට ඉකුත් ජනවාරි මාසයේදී එරට බලධාරීහු තීරණය කළහ.
 
පසුගිය වසන්ත සෘතුවේදී එවරස්ට් කඳුවැටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ මෙහෙයුම් 3ක් ක්‍රියාත්මක කළ බවද එහිදී ටොන් 8ක කසළ රැස් කළ බවද  කඳුවැටියෙහි ඇති එවරස්ට් තරණය කිරීමේදී මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ගෙන ඒම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
 
 
(බී බී සී ඇසුරිනි)
 
16844

 



අදහස් (1)

චීනය එවරස්ට් කඳුවැටිය ආශ්‍රිත සංචාරක කඳවුරු වසා දමයි

රවින් Friday, 15 February 2019 10:28 AM

හරියට හරි... නිසිපරිදි පාවිච්චි කරන්න දන්නේ නැතිනම් නොගිහිල්ලා ඉන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site