චීනය සිය දෙවන අභ්‍යාකවකාශ ෂටලය අද (15) ගෝබ් කාන්තාරයේ පිහිටි ජීක්වෑංග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන්  ගුවන්ගත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ටියෑංගොංග් 2 ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව මීට කලින් 2011දී ගුවනට යැවූ ටියෑංගොංග් 1ට වඩා දිගින් වැඩි වන අතර කුටීර දෙකකින් සමන්විත වන බව චීන අභ්‍යාවකාශ ඉංජිනේරු මධ්‍යස්ථානය පවසයි. මෙම උත්සාහය සාර්ථක වුවහොත්  ලබන මාසයේදී මිනිසුන් දෙදෙනක් සහිත යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් කර ඇතැයිද ඔවුන් පවසයි.

චීනය පවසන්නේ 2020දී ස්ථාපිත කිරීමට නියමිත අභ්‍යාවකාශ මාධ්‍ය ස්ථානයේ අත්හදා බැලීම් සඳහා මෙම ෂටල යොදා ගන්නා බවයි.