IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


චීනයෙන් දැඩි විරෝධයක්

එක්සත් රාජධානිය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කළ සයමස් වාර්තාවට චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍ය හොංකොං සම්බන්ධයෙන් නිකුත් කරන ලද සයමස් වාර්තාවක් බවත් එය එරට අභ්‍යන්තර කටයුතුවලට කරන ලද අනවශ්‍ය ඇඟිලි ගැසීමක් යැයි ද චීනය අවධාරණය කරයි.

හොංකොං යනු බ්‍රිතාන්‍යයේ කොලනියක්ව පැවැති ප්‍රදේශයකි. චීනයේ ක්‍රියාකාරකම් හොංකොං හි ඉහළ ස්වයං පාලනය උල්ලංඝණයක් කිරීමක් බවත් ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකොං හා නිදහස දැඩි ලෙස සීමා කිරීමක් බවත් බ්‍රිතාන්‍ය පෙන්වා දී ඇත.

චීනය සිය නව ජාතික ආරක්ෂක නීතිය භාවිත කරමින් හොංකොංහි මර්දනයක් ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රිතාන්‍ය සඳහන් කරයි.

චීනය ජාතික ආරක්ෂක නීතිය භාවිත කිරීමෙන් ‌හොංකොං සම්බන්ධයෙන් වන ඔවුන්ගේ වන නිත්‍යනුකූල බැඳීම උල්ලංඝණය කර ඇතැයි ද බ්‍රිතාන්‍ය කියයි.

“එක්සත් රාජධානියට හොංකොං දිවයින අධීක්ෂණය කිරීමට කිසිදු පරමාධිපත්‍ය හෝ අධිකරණ බලයක් නැහැ. ඔවුන්ට එවැනි හිමිකමක් නැහැ. චීන රජය හොංකො පාලනය කරන්නේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හොංකො විශේෂ පරිපාලන ප්‍රදේශයේ මූලික නීතියට අනුවයි. අපි හොංකොං පාලනය කරන්නේ චීන-බ්‍රිතාන්‍ය හවුල් ප්‍රකාශයට අනුව නෙවෙයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න කිසිදු විදේශයකට අවසරයක් නැහැ. එහෙම මැදිහත් වෙන්න මේ හවුල් ප්‍රකාශය නිදහසට කරුණක් ලෙස භාවිත කරන්නත් බැහැ” යැයි එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙම සයමස් වාර්තාව පසුගිය වසරේ (2020) ජූනි මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සලකා බලයි.

චීනය මෙම ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දුන්නේ පසුගිය වසරේ දීය. චීනය මෙම නීතිය යොදාගනිමින් දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීමට පියවර ගත් බවත් විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කළ බවත් බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් පැවැසීය.

ඒ.එන්.අයි.



අදහස් (1)

චීනයෙන් දැඩි විරෝධයක්

නිමල් Saturday, 26 June 2021 02:44 PM

ස්වාධීන රාජ්‍යවලට හොට දැමීම එංගලන්ත සුද්දන්ගේ උපන් ගෙයි පුරුද්දක් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නයිජර් රාජ්‍යයෙන් ප්‍රංශ හමුදා ඉවත් කර ගැනෙයි
2023 සැප්තැම්බර් මස 25 258 0

හමුදා පාලනය යටතේ පවතින නයිජර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැ


බෙනින් ඉන්ධන ගබඩා ගින්නට 35 ක් බිලිවෙති
2023 සැප්තැම්බර් මස 25 147 0

අප්‍රිකාවට අයත් බෙනින් රාජ්‍යයේ, ඉන්ධන ගබඩා සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගිනින්ට බිලිවුණු ගණන 35 කි.


නාසා යානය අලුත් මෙහෙයුමක් ආරම්භ කරයි
2023 සැප්තැම්බර් මස 25 102 0

‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගෙනවිත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ න


තිර රචකයන්ගේ වැඩ වර්ජනය අවසන්
2023 සැප්තැම්බර් මස 25 33 0

චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, මාස 5 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති වැඩ වර්ජනය අවසන් කිරීමට හොලිවුඞ් තිරරචකයන්ගේ සංගමය තීරණය කළේය.


ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා
2023 සැප්තැම්බර් මස 24 2580 3

සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස්, ‘බෙන්නු’ නමැති ග්‍රහකට ළං වී, එම ග්‍රහකයේ මතුපිට පස් සහ දූවිලි සූරා එක්රැස් කරගත් ඇමෙරිකාවේ නාසා ආ


පෝලන්ත වැසියන්ට අපහාස කරන්න එපා
2023 සැප්තැම්බර් මස 24 439 0

පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1634 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 708 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site