ඝානාවේ මධ්‍යම කිටම්පෝ නගරයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 50දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.අනතුරින් පසු එක් බස් රථයක් ගිනිගෙන ඇත.
බස් රථ දෙකේ සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව පොලිසිය පවසයි.
රථ දෙකෙහිම මගීන් 50 බැගින් ගමන් කර ඇති අතර බොහෝ දෙනෙක් අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් සිටි බව පැවසේ.
ඝානාවේ මාර්ග අනතුරු බහුලව සිදුවන අතර දිනකට මාර්ග අනතුරු වලින් මියයන සංඛ්‍යාව හයක් බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd