සෞදි අරාබියේ දමාම් සිට ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණි යානයක සිටි ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයකු (29) ගුවන් සේවිකාවන්ට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ජෙට් එයාර් සේවයේ යානයක දී එම සිදුවීම වාර්තාවී ඇති අතර සැකකරු මොහොමඩ් අබ්බඩ්කාර් නමැත්තා බවත් ඔහු සෞදි අරාබියේ සිට පැමිණ ඇති බවත් කියති. ඒ එන ගමන්වාරය අතරතුර ඔහු ගුවන් සේවිකාවන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇතැයි ගුවන්තොටුපළ බලධාරීහු කියති.
ඔහු ගුවන්යානයේ වැසිකිළි තුළ දුම්පානය කළ බවටද යානයේ සිටි අය පැමිණිලි කර ඇත. මුම්බායි හි යානය ගොඩබැස්සවීමෙන් පසු ඔහු ආගමන විගමන නිලධාරීන් බාරයට පමුණුවා අධිකරණයට යොමු කළ බව ඉන්දීය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් පානය කරලා ඉන්න ඇති. (ර)
ඔය ප්‍රාන්තේ වැඩි පුරම ඉන්නේ නුගත් පුද්ගලයන් (ම)