2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙයි. 

පසුගිය වසරේ වාර්තා වී ඇති ගුවන් අනතුරු මරණ සංඛ්‍යාව 257 ක් වන අතර 2018 වසරේ එම සංඛ්‍යාව 534 ක් වෙයි.

විශාල පරිමාණයේ වාණිජ ගුවන් යානාවලින් සිදුවූ බරපතල ගණයේ අනතුරු 8 ක් ඇතුළුව අනතුරු 88 ක් පසුගිය වසරේ වාර්තා විය.

පුද්ගලයින් සංඛ්‍යාව 157 දෙනෙකුට මරු කැඳවමින් මාර්තු 10 වැනිදා ඉතියෝපියාවේ දී සිදුවූ බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා අනතුර ද ඒ අතර වෙයි.

2018 වසරේදී බරපතළ ගණයේ අනතුරු 13 ක් ඇතුළුව වාර්තා වී ඇති මුළු අනතුරු ගණන 160 ක් වෙයි. 

ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ වඩාත් ආරක්ෂිතම වසර බවට 2017 පත්වී ඇති අතර එම වසරේ වාර්තා වූ බරපතල ගණයේ අනතුරු දෙකකින්  පුද්ගල මරණ 13 ක් පමණක් වාර්තා විය.

 -226-

 (බීබීසී ඇසුරෙනි)