නේපාලයේ නැගෙනහිර ටැප්ලෙජනංග් ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි නේපාල සංචාරක අමාත්‍යවරයා ඇතුළු යානයේ ගමන්ගත් හත්දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ නේපාල සංචාරක අමාත්‍ය රබීන්ද්‍රා අධිකාරී මහතා ය.
අනතුර සිදුවූ ස්ථානය කත්මන්දු නගරයට කිලෝමීටර් 300ක් පමණ දුරින් ඉන්දියානු දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති අතර එම ස්ථානයේ තිබී සිරුරු සොයාගත් බව සඳහන් වේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.
නේපාලයේ කඳුකර ප්‍රදේශ වල ගුවන් අනතුරු සුලභව සිදුවන අතර පසුගිය වර්ෂයේදී බංගලාදේශ මගී ගුවන් යානයක් කත්මන්දු ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් 51දෙනෙක් මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd