IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ගල් ගුහාවේ සති දෙකක් සිර වී සිටි දරුවන්ට තවත් අභියෝගයක්

චින්ග්රායිහිදීය (රොයිටර්)

උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ තාම් ලුවාං ගල් ගුහාවේ සති දෙකකට කාලයක් සිර වී සිට ජීවිත ගලවාගත් දරුවන්ට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ. 

දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූයේ ඉරිදා (8) දිනයේදී වන අතර එම මෙහෙයුම් අවසන් වූයේ අඟහරුවාදා (13)ය. දෙස් විදෙස් කිමිදුම්කරුවන් 90ක් ඇතුළු දැවැන්ත බේරාගැනීමේ කණ්ඩායමක සාර්ථක වෑයමකින් අනතුරුව දරුවන් සියලු දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමට හැකිවිය.

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ දරුවන් සියලු දෙනා සහ පුහුණුකරු නිරෝධායනය කරන ලද අතර ඔවුන්ට තවත් සතියක් රෝහල් ගතව නේවාසික ප්‍රතිකාර ලැබීමටත් තවත් මසකට ආසන්න කලයක් නිවසට වී සිටීමටත් සිදුව ඇතැයි තායිලන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔවුන් ගල් ගුහාවේ ගත කළ කාලය, එහිදු ඇති වූ පීඩනය අවදානම් සහගත තත්ත්වයක් බැවින් සාමාන්‍ය ජීවිතයට පැමිණීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බව තායිලන්ත මෙන්ම විදෙස් සෞඛ්‍ය විශේෂඥයන් ද පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සතියක කාලයක් රෝහලේ තබා ගැනීමටත් මසකට ආසන්න කාලයක් නිවසේ තබාගනිමින් ඔවුන්ට පහසුකම් සැපයීමටත් කටයුතු කරන බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. 

දරුවන්ට පෙර පැවැති තත්ත්වයට පැමිණීම සඳහා කාලය සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් ඊට ඉඩ සලසන්නැයි තායිලන්ත අගමැති ප්‍රායුත් චාන් ඕචා එරට බලධාරීන්ට උපදෙස් දී ඇත. 

“දරුවන්ට කරදර නොකරන එකම විදිය ඔවුන්ට ඉගෙන ගැනීමට ඉඩ දීම” යැයිද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ තායිලන්ත අගමැතිවරයා පැවැසීය.  

055



අදහස් (2)

ගල් ගුහාවේ සති දෙකක් සිර වී සිටි දරුවන්ට තවත් අභියෝගයක්

kumar (gulf) Sunday, 15 July 2018 08:05 AM

හොඳට බඩපිරෙන්න කන්න දීලා එයාලාට දිහටම පාපන්දු සෙල්ලම් කරන්න දුන්නානම් මේ කිසිම ලෙඩක් එන එකක් නෑ.

:       2       28

chathuri Sunday, 15 July 2018 12:11 PM

දරුවන්ගේ මනස. නිකම්ම සුව වෙනවා මේවගේ රෝහල් වල ඉන්නකොට. බලන්න ලස්සන පිරිසිදු කම අපේ රටේ රෝගීන් කියන අදෝනා රෝහලට ගියාම....... වෛද්‍යවරු ,හෙදියෝ සමහරු කතා. කරන විලාසය දැකල ලෙඩ වැඩිවෙන එක. විතරයි අපේ රෝගීන්ට එක ඇදෙ තුන්දෙනයි

:       14       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site