රුසියාවේ උතුරු පෙදෙසේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 36 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ නිලධාරීන් පස් දෙනකු ද මියගිය අය අතර සිටින බව දැනගන්නට ඇත.
පතලේ සිරවී සිටි 26 දෙනකු බේරාගැනීමට කළ මෙහෙයුමේ දී ගලවාගැනීමේ නිලධාරීන් පස් දෙනා මරුමුවට පත්වූ බවත් ඒ හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම නතර කිරීමට සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd