සිය සිසුන්ගේ කෑම පෙට්ටි වලින් ආහාර සොරාගත් ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට නවසීලන්තයේ පාසලක බළධායෝ කටයුතු කළහ.

සිය කෑම පෙට්ටි වලින් ආහාර අතුරුදන් වන්නේ යැයි සිසුන් පැමිණිලි කිරීම නිසා කි‍්‍රයාත්මකව ඇති පාසැල් බළධාරීන් පන්ති කාමරයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබූ දර්ශන පරීක්ෂා කළ විට ‘‘සොරා‘‘ හදුනාගැනීමට හැකිව තිබේ.

ගුරුවරිය තමන්ගේ වරද පිළිගත් බව කියන බළධාරීන් මේ සිදුවීම අමතක කර දමා වෘත්තීය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසී යැයි සදහන් කරයි.

කෙසේ වුවත් අන් අයටත් ආදර්ශයක් වන අයුරින් තාවකාලිකව ඇයගේ වැඩ  තහනම් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.