බද්ධ කළ ගර්භාෂයකින් උපතලබන ලොව ප්‍රථම දරුවා ලබන වසරේදී බිහිකිරීමට හැකිවන බව වෛද්‍යවරු කියති.
උපතින්ම ගර්භාෂය අහිමි වූ හෝ ගර්භාෂය ඉවත්කළ හෝ ගැහැනියකට වෙනත් අයකු විසින් පරිත්‍යාග කරන ලද ගර්භාෂයක් බද්ධකැර දරු උපතක් ලබාදිය හැකි බව ස්වීඩ්න්හි වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් කියති. ඔවුන් පවසන්නේ ළමයි නැති කාන්තාවන් නම දෙනකුට දැනටමත් ගර්භාෂ බද්ධකැර ඇති බවයි.
දරුවන් බිහිකැර තවදුරටත් දරුවන් බිහිකිරීමට අපේක්ෂාවක් නොමැති කාන්තාවකගෙන් ලබාගන්නා ගර්භාෂයක් මෙලෙස බද්ධ කරයි. දැනටමත් ගර්භාෂ බද්ධකර ගැනීමේ අපේක්ෂාවෙන් 15,000 ක් පමණ පිරිසක් සිටින බව ද පර්යේෂකයෝ කියති.
මෙහි එකම ගැටළුව වන්නේ අවයව ලබා ගන්නේ ජීවත්ව සිටින ධානපතියන්ගෙන් වීමයි. එයට හේතුව වී ඇත්තේ මේ ශල්‍කර්මය ජීවිත අවධානමක් පැවතීමයි. එක් වෛද්‍ය පරිසක් පවසන්නේ ගර්භාෂ බද්ධය සදහා යොදා ගත යුත්තේ මියගිය අයගේ ගර්භාෂ පමණක් බවයි. නමුත් ගර්භාෂයක් බද්ධ කිරීම සදහා එය සජීවී ආකාරයෙන් සිරුරෙන් වෙන්කැර ගැනීම වියදම් අධික ශල්‍යකර්මයකි.
ගොතන්බර්ග් විශ්ව විද්‍යාලයේ දශකයකට වඩා කාලයක් තිස්සේ සංකීර්ණ ශෛල්‍යකර්ම කරනු ලබන වෛද්‍යවරයෙක් වන වෛද්‍ය මැට් බ්‍රන්ස්ට්‍රෝම් පවසන්නේ මෙම ශෛල්‍යකර්මය නවතාලයේ එකක් බවයි. අලුත් ගර්භාෂයක් ලබාගන්නා ස්ත්‍රීන් හොඳින් කටයුතු කළයුතු බවත් ඔවුන් ඉක්මනින්ම ගර්භනීතත්වයට පත්විය යුතු බවත් වෛද්‍ය බ්‍රන්ස්ට්‍රෝම් කියා කියයි


COMMENTS
බද්ද කරනලද ගර්භාෂයකින් දරුවෙක් බිහිවුනොත් දරුවාගේ ජාන ගර්භාෂය ය අයත් මුල් කාන්තාවගේ ජානද නැත්නම් ගර්භාෂය බද්ද කරනලද කාන්තාවගේ ජානද? කරුනාකර දන්නා කෙනෙක් පැහැදිලි කරනවද? (නදී)
මොලේ මාරු කරන්න ඕනේ කීපදෙනෙක් ඉන්නවා. හොයාගෙන නැද්ද ක්‍රමයක් තාම. මම හිතන්නේ එයාලගේ මොලේ මැරිලා. (නදී)
සේන,ගර්භාෂය අලුතින් ලබාගත් කාන්තාවගේ ජාන උපදින දරුවාට ලැබේ. ගර්භාෂය යනු කලලයක් දරුවෙක් බවට පත්වන තුරු තබාගන්න නවාතැනක් වැනි කොටසකි. එබැවින් ගර්භාෂය අයත් මුල් කාන්තාවගේ ජාන දරුවාට නොලැබේ. මීට වැඩිය මෙය පැහැදිලි කිරීම සංකීර්ණය.(නදී)
අම්මලා දෙන්නෙක් දරුවන්ට අයිතිවාසිකම් කියයිද? (නදී)
පහන්. එයාලගේ මොළේ වැඩි වෙනකොට තේරෙයි.
සේනා, ඡායා චායා කියන දෙය තවත් විස්තර කලොත්, ගර්භාශය දෙන කාන්තාවගේ ජාන දරුවට ලැබෙන්න නම් ගර්භාෂය පමණක් නෙමෙයි ස්ත්‍රී ප්‍රජනන පද්ධතියම ඩිම්බ කෝෂත් සමග බද්ද කළ යුතුයි. නමුත් එහෙම දෙයක් තවම සිද්ද වෙලා නැහැ.(නදී)
අනේ කොච්චර දෙයක්ද? මටත් ආසයි තව දරුවෙක් හදන්න... මට එක දුවෙක් ඉන්නවා. දුව හම්බෙනකොට මගේ ගර්භාෂය හැකිලෙන්නේ නැහැ කියලා ලේ යන එක නවත්තන්න බැහැ කියලා අයින් කළා... මමයි, මගෙ මහත්තයයි... අපි ආසයි දරුවෙක් හදන්න... ගර්භාෂයක් බද්ධ කරන්න පුළුවන්ද?