IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට

පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
 
 
ලුසොන් දිවයිනේ හදිසි ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර නායයෑම්, විදුලිය ඇණහිටීම් ඇතුළු තවත් බොහෝ අලාභහානි ද සිදුවී තිබේ.
 
පැයට කිලෝමීටර් 215ක වේගයෙන් හමාගිය මෙම කුණාටුව "ගෝනි" ලෙස නම්කර ඇත.
 
බිකොල් කළාපයේ නායයෑම් දෙකක් සිදුවී ඇති බව පළාත් ආණ්ඩුකාර අල් ෆ්‍රැන්සිස් බිචාරා පවසයි. එහි ගම්මාන කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
 
සුළි කුණාටුවෙන් මිලියන 19 - 31ත් අතර ජනතාවක් පීඩාවට පත්විමට ඉඩ ඇතැයි ආපදා අංශ අනතුරු අඟවා ඇත. ආපදා කළමණාකරන ප්‍රධානී රිකාඩෝ ජලාඩ් පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 347,000ක් පමණ රැකවරණ මධ්‍යස්ථාන වල සිටින බවයි. කොරෝනා වයිරස අවදානම ද ඇති බැවින් සමාජ දුරස්ථභාවය ආරක්ෂාකරගෙන රැඳවුම් මධ්‍යස්ථාන වල කටයුතු කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම පවසයි.
 
මැනිලාහි නිකෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල ද වසා දමා ඇත.
 
2013 වසරේදී 6,300කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පිලිපීනය හරහා හමා ගිය හයියාන් සුළි කුණාටුවෙන් පසු පිලිපීනයට බලපෑම් එල්ල කළ ප්‍රබලතම සුළි කුණාටුව ගෝනි බව කාළගුණ අංශ පවසයි.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site