ස්වභාව ධර්මයාගේ මහා විනාශකාරී නිමැවුමක් වන ගිනිකඳු පෘථීවිය ආරක්ෂා කිරීමේ කාර්යයකද නියැළෙන බව අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ.

ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් දියත් කර ඇති මෙම පර්යේෂණයට අනුව ගිනි කඳු පිපිරීමේදී නිකුත් වන සල්ෆර් හා වාෂ්පශීලී ගුණ ඇති විවිධ සංයෝගයන් පෘථීවියට පතනය වන හිරු එළිය හරවා යැවීමට හේතුවන බවද එම හරවා යැවීම පෘථීවියේ මතුපිට උෂ්ණත්වය පාලනයට විශාල දායකත්වයක් දක්වන බවද සඳහන් වේ.

මෙම සල්ෆර් හා වාෂ්පශීලී සංයෝගයන් පෘථීවි වායුගෝලයේ පරිවර්තී හා අපරවර්තී ගෝලයන් අතර තැන්පත් ව තිබෙන බවද අනාවරණය කර ගැනීමට පර්යේෂකයින්ට හැකිව තිබේ.

ගිනි කඳු පිපිරීම් වලින් නිකුත් වන මෙවන් සංයෝගය හිරු එළිය පරාවර්තනය කර හැරීමට දායක වන බව මීට පෙරද සොයාගෙන තිබුණත් එය සිතුවාටත් වඩා විශාල කාර්යභාරයක් ඉටුකරන බව හෙළිවී තිබෙන්නේ මෙම පර්යේෂණයෙදීය.

පර්යේෂකයින් පවසන ආකාරයට පෘථීවි උෂ්ණත්වයෙන් අංශක 0.005 ක වැනි අගයක් පහත හෙළීමට ගිනි කඳු දායක වේ.එය සැළකිය යුතු අගයකි.

මේ අලූත් සොයාගැනීමත් සමග මේ දක්වා පෘථීවියේ මතුපිට උෂ්ණත්වය නීර්ණය කිරීමට යොදාගත් ක්‍රියාමාර්ගයන්ගේ සැළකිය යුතු වෙනසක් සිදුකිරීමට විද්‍යාඥයින්ට සිදුවනු ඇතැයිද සදහන් වේ.

21BC7F3200000578-2906874-image-a-2_1421077343944 24A31FD100000578-2906874-image-a-8_1421079255936 24A31FD900000578-2906874-Eruptions_of_volcanoes_like_Tavurvur_in_Papa_New_Guinea_in_2006_-a-4_1421078255937