කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කවුචර් බිර්කාර්ට ගණිතය විෂයට සිදුකළ සේවය වෙනුවෙන් බ්‍රසීලයේදී පිරිනැමුණු සම්මානය ලබාගෙන මිනිත්තු කිහිපයකට පසු කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇතැයි වාර්තා වේ.
ෆීල්ඩ්ස් මෙඩ්ල් (Fields Medal) ලෙස හඳුන්වන මෙම පදක්කම කැරට් 14 රත්‍රන් වලින් තැනූවකි.
පදක්කම සිය ජංගම දුරකථනය සහ පසුම්බිය සමඟ බෑගයක දමා උත්සව ශාලාවේ මේසයක් මත තැබූ බවත් පසුව සොයා බැලිමේදී බෑගය හමු වුවද පසුම්බිය හෝ පදක්කම එහි නොතිබූ බව කවුචර් මාධ්‍යයට පවසා ඇත.
මහාචාර්ය කවුචර් බිර්කාර් කුර්දි ජාතිකයකු වන අතර ඔහු සරණාගතයකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව පැවසේ.
ෆීල්ඩ් මෙඩ්ල් සම්මානය සෑම වසර හතරකට වතාවක් ගණිතය විෂය වෙනුවෙන් විශේෂ දක්ෂතා දක්වන අවුරුදු 40ට අඩු ගණිතඥයකු වෙත පිරිනමනු ලැබේ. මීට පෙර තවත් ගණිතඥයන් තිදෙනකු මෙම සම්මානයට හිමිකම් කියා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මානය සොරා ගත්තද, ඔබ උගත් දේ සොරා ගන්නට ඔහුට නොහැකි විය.
මොනතරම් උගතුන් වුනත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. සමාජයේ ඕනෙම ස්තරයක හොරුන් ඉන්නවා. තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගත යුතුය.