ලබන සෙනසුරාදා වනවිට ගඩාෆි හිතවාදී හමුදා යටත්වී සිට්රේ නගරයෙන් ඉවත්වී නොසිටියහොත් තම අන්තර් පාලන රජයේ හමුදා ප‍්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලිබියාවේ නව නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් කියා සිටී. තම හමුදා මධ්‍යම, දකුණු ලිබියාවට අයත් නගර වලද සිට්රේ නගරයේද පාලන බලය අල්වා ගැනීමට කටයුතු සූදානම් කරන හෙයින් ඊට සහයෝගය දක්වන්නැයි, මුස්තාෆා ලිබියානු වැසියන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ‘‘ලබන සෙනසුරාදා වනවිට ගඩාෆි හමුදා සිට්රේ නගරයෙන් ඉවත්වී සිටිතැයි අපගේ බලාපොරොත්තුවයි. එයින් සාමකාමී වාතාවරණයක් ලැබෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි. නැතිනම් අපගේ හමුදා ප‍්‍රහාර තීව්ර කිරීම හැර අන් විකල්පයක් නැහැ’’ යනුවෙන් අබ්දෙල් කියා සිටියේය. සිට්රේ නගරය ගඩාෆිගේ උපන් ප‍්‍රදේශය වෙයි. මේ අතර නේටෝ සංවිධානය කියා සිටින්නේ ගඩාෆිගේ පුත් කාමිස් කුමන ස්ථානයක සිටිනවා දැයි නොදන්නා බවයි. කාමිස් සැඟවී සිටින ස්ථාන ගැන විවිධ කටකතා පැතිර යමින් පවතිනවා. ඒත් නිවැරදි තොරතුරක් ලැබී නැහැ යැයි නේටෝ සංවිධානයේ ප‍්‍රකාශක කර්නල් රෝලන්ඞ් ලැවෝසී, නේපල්ස් හි පැවැති පුවත්පත් සාකච්ඡවක් අමතමින් පැවසීය. ගඩාෆි පුත් කාමිස් හා ලිබියාවේ හිටපු බුද්ධි අංශ නායක පසුගිය සෙනසුරදා ලිබියානු නව රජයේ හමුදා අතින් මැරුම් කෑ බවද ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුණි. නව ලිබියා නායක මුස්තාෆා කියා සිටින්නේ ගඩාෆි පවුලේ සැම කෙසේ හෝ ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ඇමෙරිකාව ගන්නේ ගඩාෆි ගේ පැත්ත. මොකද නැත්නම් තව දුරටත් මේ රටවල් විනාසය කරා ගෙනියන්න ක්‍රම හදා ගන්න බැරිවෙනවා.(නදී)
මේ වෙලාවේ ඇමෙරිකාව ගන්නේ ගඩාෆි ගේ පැත්ත. මොකද නැත්නම් තව දුරටත් මේ රටවල් විනාසය කරා ගෙනියන්න ක්‍රම හදා ගන්න බැරිවෙනවා .(නදී)