IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ගඩාෆි පුතු මුටාසිම් ලිබියා කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු මුටාසිම් ගඩාෆි අල්ලා ගැනීමට සර්තේ නුවර වට කළ සටන්කාමීහු ඊයේ (13) සමත් වූහ. ගඩාෆිගේ රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේ ද මුටාසිම් ගඩාෆිය. ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පවසන අන්දමට, මුටාසිම් ගඩාෆි  මෝටර් රථයකින් සර්තේ නුවරින් පලා යෑමට උත්සහ ගනිද්දී  කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී ඇත. සර්තේ යනු ගඩාෆිගේ උපන් නගරයයි. එම නගරය අල්ලා ගැනීමට කැරැලිකරුවන් වෙර දරන්නේ මීට සති කිහිපයක සිටය. එහෙත් ගඩාෆිගේ හමුදා සහ පාක්ෂිකයන් අතරේ දරුණු ගැටුම් පවතී. ගඩාෆිගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අල්ලා ගැනීමට හැකිවීම කැරැුලිකරුවන් ලැබූ මහත් ජයග‍්‍රහණයක් යැයි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පවසයි. ‘‘අපි ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු සැඟවී සිටියේ සර්තේ නගරයේයි. ප‍්‍රශ්න කිරීම් සඳහා ඔහු බෙන්ගාසී නුවර බෝට්නේ හමුදා කඳවුරට රැගෙන යෑමට නියමිතයි.’’ යැයි කැරැලිකාර පාර්ශ්වයේ කර්නල් අබ්දුල්ලා නාකේර් පවසයි. කැරැලිකරුවන් එල්ල කරන ලද වෙඩි පහරකින් මුටාසිම් ගඩාෆි, තුවාල ලබා සිටින බව ද වාර්තා වේ. සර්තේ නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට කැරැලිකරුවන්ට මෙතෙක් හැකියාව ලැබී නැත. සර්තේ නගරයේ ප‍්‍රදේශ කිහිපයක් යටත් කර ගැනීමට  කැරැලිකරුවන්ට හැකියාව ලැබී ඇත. මේ වනවිට ඔවුහු ගඩාෆිගේ නිවස සහ සර්තේ විශ්ව විද්‍යාල අත්පත් කරගෙන සිටිති. මුටාසිම් ගඩාෆි අත්අඩංගුවට ගැනීමට සමත්වීමත් සමඟ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි යන නගරවල සිටින කැරැලිකරුවෝ අහසට වෙඩි තබමින් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ. කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජය කි‍්‍රයාත්මක වන්නේ බෙන්ගාසි නුවරය. ඔවුන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කර ගත්තේ මීට මාස දෙකකට පමණ පෙරය. එම අවස්ථාවේදී ලිබියා නායක කර්නල් ගඩාෆි පලාගොස් සැඟවුණේය. ඔහුගේ බිරිය, දියණිය අයීෂා සහ පුත්තු දෙදෙනකු වන හැනිබල් සහ මොහොමඞ් දේශසීමාව හරහා අසල්වැසි ඇල්ජීරියාවට පලා ගිය අතර තවත් පුතකු වන සාදී ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියේය. මුටාසිම් ගඩාෆි



අදහස් (0)

ගඩාෆි පුතු මුටාසිම් ලිබියා කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 322 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 351 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1285 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site