කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප‍්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැයි එජන්සි වාර්තා සඳහන් කරයි.
ටි‍්‍රපොලි අගනුවර ගිනිකොණ දෙසට වන්නට පිහිටි වානි වැලීඞ් නගරයෙහි ගඩාපි රජයේ ඉහල නිලධාරීන් රැසක් සහ ගඩාපිගේ පුතුන් දෙදෙනාද සැඟව සිටිතැයි විශ්වාස කෙරෙයි.
මේ අතර ලිබියානු අන්තර්වාර රජයේ ප‍්‍රධානියා වන මුස්ටා අබ්දුල් ජලීල් ගුවන් යානයකින් ටි‍්‍රපොලි අගනුවර වෙත පැමිණි බවද වැඩිදුරටත් ඒජන්සි ආරංචි මාර්ග සඳහන් කරයි.
අබ්දුල් ජලීල් අගනුවරට පැමිණි විට දහස් සංඛ්‍යාත ආධාරකරුවෝ ඔහු වටා රොක් වී ප‍්‍රීති ඝෝෂා කළහ.
අබ්දුල් ජලීල් ටි‍්‍රපොලි අගනුවරට පැමිණෙන තෙක් ලිබියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන නගරයක් වන බෙස්යාසා හි වාසය කර ඇත.
මෙම කැරලි කෝලාහල හේතුවෙන් ලිබියාවට දරුණු හානි සිදුවී ඇතිබවත් සියලූ පාර්ශ්වකරුවන් ඒකරාශී කොට ලිබියාව යළි ගොඩනැගීම තමාගේ අරමුණ බවත් අබ්දුල් ජලීල් ජනමාධ්‍යවේදීන් අමතා පැවසීය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.