IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘‘ගැටුම් අවසන් කර සංහිඳියාව ස්ථාපිත කළ යුතුයි‘‘

වෙනස්කම් සහ විවිධත්වය අනතුරක් ලෙස නොදැක පොහොසත්කමේ මූලාශ්‍රයක් ලෙස දැකීමට ජනතාව උත්සුක විය යුතු බවත් ලොව තැන තැන තිබෙන ගැටුම් අවසන් කර සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවත් අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ කීහ.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් පාප්තුමෝ ඒ බව සඳහන් කළහ.

පාප්තුමෝ සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය ප්‍රකාශයට පත් කරන ලද්දේ වතිකානයේ ශාන්ත පීටර්ස් චත්‍රරශ්‍රයේ  පිහිටි බැසිලිකාවේ සිටය. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ නත්තල් දින පණිවුඩය ලොවට කියන ලද්දේ උන්වහන්සේ එම ධුරයට පත් වූ දා ජනතාව ඉදිරියට පැමිණි බැසිලිකාවේ සිටය. ෆ්‍රැන්සිස් පාප්තුමෝ එම ධුරයට පත්වූයේ 2013 වසරේ මාර්තු 13 වැනිදාය.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ නත්තල් දින පණිවුඩයට සවන් දීමට සහ නත්තල් දේව මෙහෙයට සහභාගී වීමට ශාන්ත පීටර්ස් චතුරශ්‍රයට දහස් ගණනක් එක් රැස්ව සිටියහ.  

නත්තල් සමය වෙනුවෙන් වතිකානයේ ආරක්ෂාව දැඩි කර තිබූ අතර වතිකානයේ, විශේෂයෙන්ම සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට ආරක්ෂක අංශ සහ හමුදා ජීප් රථ යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. බොහෝ ස්ථානවල ගමන් මළු යනාදිය පරීක්ෂාවට ද ලක්විය.

‘ලෝහ පරීක්ෂක උපකරණ’ ද ඇතැම් අවස්ථාවලදී යොදා ගැනිණි.

පසුගිය සතියේ දී දකුණුදිග ඉතාලියේ දී සෝමාලියානු ජාතිකයකු අත්අඩංගුවට පත්වූ අතර ඔහු අයි.එස් සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට සැක කරන බවත් හෙතෙම ශාන්ත පීටර්ස් දේවස්ථානය ඇතුළු ඉතාලියේ තිබෙන දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති බවත්  ඉතාලි පොලිසිය පැවැසීය. 

පාප්තුමෝ තම නත්තල් දින පණිවුඩයේදී රටවල් කිහිපයකම ඇති  වී තිබෙන කර්කශ සහ අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද වක්‍රාකාරව අදහස් දැක්වූහ. 

“ජනතාව අතර විවිධ අදහස් තිබුණත් එකිනෙකාට සවන් දීමටත් එකිනෙකාට ගෞරව කළ හැකි බවත් කිව යුතු” යැයි පාප්තුමෝ එහිදි කීහ. 

පළමු ලතින් ඇමෙරිකානු පාප්වහන්සේ වන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සංක්‍රමණිකයන් හා සංක්‍රමණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ධ්‍රැවීකරණය සම්බන්ධයෙන් ද ව්‍යංගයෙන් අදහස් දැක්වූහ. උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙසේ කීහ.

“දෙවියන් වහන්සේට ආදරය, පිළිගැනීම මෙන්ම අපගේ දුප්පත් මානව වර්ගයා වෙනුවෙන් ගෞරවය ද අවශ්‍ය වුණා. ආගම්, භාෂා, සංස්කෘතීන්, කුල මල ජාතී යනාදි කිසිදු භේදයකින් තොරව අපි සියලු දෙනා ඒ සියල්ල ඒ විවිධත්වය බෙදා හදා ගන්නවා. අපේ වෙනස්කම් තර්ජනයක් හෝ හානියක් නෙවෙයි. අපේ වෙනස්කම් සහ විවිධත්වය පොහොසත්කම් මූලාශ්‍රයක්”.

“දෙවියන් වහන්සේ තම ආදරය පෙන්වීමට තෝරා ගන්නා ලද භූමිය අද කඳුළු සළන භූමියක් බවට පත්ව තිබෙනවා” යැයි ඊශ්‍රායල-පලස්තීන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් පාප්තුමෝ කීහ. වසර 70ක් තිස්සේ දිග්ගැස්සෙන ඊශ්‍රායල-පලස්තීන අර්බුදය නිමා කර සාමයේ මාවතක ගමන් කිරීමට පියවර ගත යුතු යැයි ද ඒ සඳහා සාකච්ඡා ආරම්භ කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පාප්තුමෝ පැවැසූහ. 

සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු අවධාරණය කළ කී පාප්තුමෝ ප්‍රචණ්ඩත්වයෙන් සහ සාගතයෙන් පීඩාවට පත්ව සිටින යේමනයේ ජනතාවට සහනයක් ගෙන දීම සඳහා සිවිල් යුද්ධය නිමා කිරීමට සටන් විරාම ගිවිසුමක් ඇති කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළහ. 

පාප්තුමෝ මෙහිදි නිකරගුවාවේ සහ වෙනිසියුලාවේ දේශපාලන අර්බුද විසඳා ගනිමින් සමාජ සහජීවනය ඇති කර ගත යුතු බවත් අවතැන් වී සහ සරණාගත තත්ත්වයට පත්ව සිටින මිලියන ගණනාවක් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ඔවුන්ට මානුෂීය සහනාධාර ලබාදීම අමතක නොකළ යුතු බව ද කීහ.

“සෑම ජාතියකටම සාමය සඳහා ගෞරවාන්විත අයිතියක් තිබෙනවා” යුක්රේන-රුසියා අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමෝ කීහ. රුසියාව සහ යුක්රේනය සාමකාමීව අර්බුද විසඳා ගැනීමට කඩිනමින් උත්සුක විය යුතු යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.  

055



අදහස් (0)

‘‘ගැටුම් අවසන් කර සංහිඳියාව ස්ථාපිත කළ යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site