ඉන්දීය ගුජරාඨ ප‍්‍රාන්ත මහ ඇමැති මෙන්ම ලබන මහ මැතිවරණයේදී අගමැති ධුරයට තරග කිරීමට සූදානමින් සිටින නරේන්ද්‍ර මෝඩි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ පැසැසුමට ලක් වී සිටී.
එපමණක් නොව, මෝඩි සහ ඔහුගේ ගුජරාඨ ප‍්‍රාන්තය සමඟ සබඳතා තරකර ගන්නා බවත් මෝඩිට තම සහාය ලබා දෙන බවත් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසා ඇත.
ගුජරාඨ ප‍්‍රාන්ත මහ ඇමැති ලෙස මෝඩි එම ප‍්‍රාන්තයට කරන සේවය ප‍්‍රසංශනීය බවත්, ඉකුත් මාස 12 දී පමණක්, ප‍්‍රාන්තයේ විශාල සංවර්ධනයක් සිදුවුණු බවත් බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ගේ ප‍්‍රසංශාවට ලක් වී ඇති බව ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් සේවය පෙන්වා දෙයි.
ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂ අගමැති අපේක්ෂයා ලෙස මෝඩි ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීම සිදුවුණේ ඉකුත් සතියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ කොහොමත් දිව වල හතරක් තියාගෙන ඉන්නේ මේ දවස් වල . රුසියවෙය් ඉන්දියවෙය් මිත්‍රකම නැති කරන්න පෙරුම් පුරනවා. (ත)