චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පසුගියදා විවෘත කෙරුණු අධිවේගී මාර්ගයක කිලෝමීටර් 4 ක් ඉදිකර ඇත්තේ රමණිය මිටියාවතක ගලායන දැවැන්ත ගංගාවක් මැඳය. මං තීරු දෙකකින් සමන්විත මෙම මාර්ගයේ ගඟ මැඳ කොටස පාලමකි. පාලමෙහි ධාවනය කෙරෙන වාහන වල මඟීන්ට තමන්  ජලය මතින් ගමන් ගන්නාක් වැනි හැඟීමක් ද්වනිත කෙරෙන තරමට ජලයට සමීපව මෙම මාර්ගය ඉදිකර ඇත.

මෙම මාර්ගය චීනයේ නැගෙනහිර දෙස පිහිටි හුබෙයිහි ශින්ග්ශෑන් නගරය ශැන්ග්හායි නුවරට යාකෙරෙන අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙයි.

ගංගාව මතින් ඉදිකර ඇති පාලම ගඟෙහි ස්වාභාවික පිහිටීම අනුව වංගු සහිතව ඉදිකර තිබීමද විශේෂත්වයකි.

මෙම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර ඇත්තේ 2013 දිය. එවකට ඉදිරිපත්වී  තිබු එක් යෝජනාවක් වුයේ මෙම මාර්ගය අවශ්‍ය ස්ථානවල උමං කපා කඳුවලල්ල වටා ඉදිකිරීමය. මෙහිදී මාර්ග ඉංජිනේරුවන් විසින් කඳුවළල්ල අවට වනාන්තරයට සිදුවිය හැකි හානිය පිළිබඳව සළකා බලා එම මාර්ගය ගඟ මතුපිට දිවෙන පාලමක් ලෙසින් ඉදිකිරීමට තීරණය කර ඇත.

img_150831(1) img_150831(2) img_150831(3) img_150831(4)img_150831(5)