ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ මියගිය ගණන 1000 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට පුවත් සේවා ඊයේ (24) නිවේදනය කළේය.
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ ගංගා නදිය පිටාර ගැලීමට පටන් ගත්තේ මීට සතියකට පෙරය.
නදිය පිටාර ගැලීමත් සමඟ හටගත් සැඬ රළ පහර, සුනාමියක් සේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ දිස්ති‍්‍රක්ක කිහිපයකට කඩා වැදී නගර රැුසක් මුළුමනින්ම විනාශ විය. සැඬ පහරට හසුවීමෙන් පාලම් කැඞී ගියේය. කඳු නාය යෑමෙන් මාර්ග අවහිර වී ඇත. ජල ගැලීම් සහ නායයෑම් නිසා හිමාල කඳුකරයට පැමිණ සිටි හින්දු වන්දනාකරුවෝ දහසකට වැඩි පිරිසක් විවිධ ස්ථානවල කොටුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟ ගලන දිශාවටයි ගඟ යන්නේ, එයයි ස්වභාව ධර්මය. රටක ස්වභාව ධර්මයෙන් එන ජාතිය තමයි රටට උදව් කරන්නේ. එයයි ස්වභාව ධර්මය. (නි)