නිරිත දිග ලන්ඩනයේදී කෙසෙල් ඇවැරියක සිට ලොව විසම මකුළු වර්ගය සොයා ගෙන ඇත.
29 හැවැරිදි කොන්සි ටෙලර් නැමැති කාන්තාව පවුමකට මිලට ගත් කොලොම්බියා වර්ගයේ කෙසෙල් ඇවරියක මේ මකුළු වර්ගය සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කාන්තාව කෙසෙල් ගෙඩියක් කෑමට යාමෙදී මකුළුවන්ගේ දැලක් එහි පහළ කෙලවර දැක ඇත. ඇය එම මකුළුවන්ගේ පින්තූරයක් ගෙන කෘමින් පිළිබද විශේෂඥයකුට පෙන්වූ විට ඔහු කියා ඇත්තේ ඇත්තේ ‘‘බ්‍රසීලයේ පුදුම සහගත මකුලුවන්‘ නමින් හදුන්වන ලොව විසසහිත මකුළුවා මේය බවයි.
එම මකුළුවාගේ විද්‍යාත්මක නාමය වන්නේ ‘‘පොනුට්‍රියා නිග්‍රිවෙන්ටර්‘ ය. විසකුරු සර්පයෙකුට වඩා 30 ගුණයකට වැඩි විසක් මේ මකුලුවාට ඇතැයි කියති.
මකුලුවා සපා කෑ විට හෘද ස්පන්දනය වෙනස් වීම, අධික රුධිර පීඩනය, වමනය සහ පැය 2ක් ඇතුලත මිය යාමද සිදුවිය හැකි බව කියති.
COMMENTS
කෑගල්ලේ කෙසෙල්කැන් වෙළඳාම කරන මුදලාලි කෙනෙක් කෙසෙල් කැනක් කපද්දී එහි සිටි වවුලෙක් අත කාලා ගණන් නොගැනීමෙන් දින කීපයකින් පසු මියගියා.බැරි වෙලාවත් මේ කියන මකුළුවා කෑවා නම් පැය දෙකෙන් කපෝතියි (නි)
අපේ සිංහරාජ වනාන්තරයේත් ඉන්නවා මේ වගේ ඝෝර විෂ සහිත මකුළුවෙක්. හැබැයි කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ගැමියෝ දැක්ක ගමන් ඌව මරා දමන්න පෙළඹිලා නිසා වර්ධනයක් නැහැ.ප්‍රමාණයෙන් මීට වඩා ලොකුයි.(ස)
එහෙ කෙසෙල් වල විතරයි. මෙහෙ කන බත්පතෙයි, බොන වතුර ටිකෙයිනේ මාරයා ඉන්නේ? (නි)
ගාමිණී මහත්මයා කියන විදියට වවුලා ජලභීතිකා රෝගය වැළඳුනු එකෙක් විය යුතුයි. පිස්සු බලු රෝගය කිව්වට බළල්ලු හරක් මුගටි නරි වවුල්ලු ආදී තවත් සතුන් මගිනුත් රෝගය බෝවෙන්න පුළුවන්. මගේ අත උණ හපුලුවෙක් සපලත් මම ප්‍රතිකාර ගත්තා. (නි)
ගජනායක මහත්මයා, ලංකාවේ විෂ මකුළුවෝ ඉන්නවා. දිවි මකුළුවා කියන ලොකු මකුළු වර්ගයක් ඉන්නවා උන් දැල් බඳින්නේ නැහැ. බොහොම විෂයි. ඉදිමීම වේදනාව සහ පේශි අකර්මන්‍ය වීම ඇති වෙන්න පුළුවන්. නමුත් මිය ගිය කෙනෙක් ගැන වාර්තා වී නැහැ. වෙනත් මාරාන්තික විෂ ඇති වර්ගයක් ලංකාවෙන් හොයාගෙන නැහැ කියලයි මම දන්නේ. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කැමතියි දැනගන්න. (නි)
මට හිතාගන්න බැහැ (නි)
හපොයි කාපට් එකෙත් හලාගෙන.. දැන් ඉතින් එකෙක් හරි හැංගිලා හිටියොත් මොකද වෙන්නේ.?(නදී)
එච්චර දරුණුයි කියල ෂුවර් ද? මම ලංකාවේ කෙසෙල් වලත් මීට සමාන මකුළු දැල් දැකලා තිබෙනවා (හරියට පොඩි පුළුන් ගුලියක් වගේ). (නි)
එක්තරා විදියක ජීව ප්‍රහාරයක් (නි)
එහෙ කෙසෙල්වල මකුළු මාරයෝ. මෙහෙ කෙසෙල්වල බෙහෙත් මාරයෝ (නි)
රේගුවේ නේද වැරැද්ද? (නි)