IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


කාසි කලාව

මුදල් කාසි කපා විනාශ කිරිම, පළුදු කිරීම හෝ තලා දැමීම වරදක් බව මහ බැංකුව කියයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සියළු රටවල දී වරදක් ලෙස පිළිගැනෙන්නකි. එසේ වුව ද මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ කාසි භාවිතා කරමින් සිදුකළ අපූරු නිර්මාණ කිහිපයකි.

 

 



අදහස් (0)

කාසි කලාව

රොෂාන් Monday, 05 May 2014 02:20 AM

මම පුංචි කාලෙ සීයාගෙන් රුපියලක් ඉල්ලුවා ටොෆි කන්න. ටික වෙලාවකින් සීයා කිවුවා රුපියල කුස්සියෙ ලිප් ගල උඩ ඇති, ගන්න කියලා. මම රුපියල ගත් විට මගේ ඇඟිලි හොඳටම පිළිස්සුනා. සීයා හඩනඟා සිනාසී කිවුවා වැඩක් නොකර ගන්න සල්ලි වලට ඇඟිලි පිළිස්සෙනවා කියලා. (නි)

:       0       0

කළණි Monday, 05 May 2014 03:36 AM

ඉස්සර කෝච්චියට කාසි තියලා තැලුනහම අරන් තියා ගන්නවා. එකක් දැකලා තාත්ත කියා දුන්නා සල්ලි තලන එක වැරදියි කියලා. ඉතින් මේ කලාවේ කාසි ඔක්කොම පලුදු වෙලානේ. (නි)

:       0       0

සේරම් Tuesday, 06 May 2014 06:43 PM

මෙයාගේ තාත්තා පොඩි කාලේ මෙයාට ගහලා නැහැ. සීයා ඇඟිලි පුච්චලත් නැහැ. ඒක නිසා තමයි මේ ලෝකය පුදුම කළ නිර්මාණකරුවා බිහිවුණේ. ඔන්න වෙනස (නි)

:       0       0

අමිල සිංග Monday, 05 May 2014 08:21 AM

ලංකාවේ මිනිස්සුන්ට බලන්න හොද පුවතක් නම් නෙමෙයි වගේ. දැනටමත් රුපියල් පහේ කාසි උණු කරලා මාල හදල බස් වල විකුනනවා නේද. (ස)

:       0       0

සෙන්ජී Monday, 05 May 2014 02:52 PM

හොඳ නිර්මාණයක්, (දිල්)

:       0       0

සුලාරි Thursday, 08 May 2014 07:43 PM

පුදුමාකාර ලස්සනයි නේ? (නදී)

:       0       0

සුලාරි Thursday, 08 May 2014 07:44 PM

අනේ හරිම ලස්සනයි! (නි)

:       0       0

ගුණේ Sunday, 04 May 2014 07:04 PM

මෙයාට නම් හිතෙන්න ඇති බල්ලොත් නොකන සල්ලි කියල. (ස)

:       0       0

ආනන්ද ආර් Wednesday, 07 May 2014 10:14 AM

චමින්ද සම්පත්, රොෂාන්, කළණි, එදා මානව හිමිකම් රකිනවා කියල ඔයාලගේ තාත්තල සීයල ඔයාලට ඒ පාඩම කියල නුදුන්නා නම් කුමක්ද වෙන්නේ? (ස)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Monday, 05 May 2014 08:58 AM

අපුරු නිර්මාණයක් ! වැඩි හරිය ඇමරිකන් කාසි ! (ස)

:       0       0

මලක Monday, 05 May 2014 04:53 PM

අයියෝ සල්ලි ... (ස)

:       0       0

රෙක්ස් Thursday, 08 May 2014 08:18 AM

අමුතු අමුතු වැඩ කරන්න ඉතින් හැමෝටම බැහැනේ (නි)

:       0       0

රෙක්ස් Thursday, 08 May 2014 08:18 AM

මේකත් අමුතුම වැඩක් තමයි (නි)

:       0       0

චමින්ද සම්පත් Sunday, 04 May 2014 08:20 PM

මට තාමත් මතකයි තඔ කාසියක් තලල බවුත් එකක් හදල තාත්තගෙන් ගුටි කෑව. එදා තාත්ත කිවුවෙ කාසි තලන එක පවක් කියල. (ස)

:       0       0

වසන්ත Thursday, 08 May 2014 04:02 PM

මේ වැඩේට කාසි ම ගන්න ඕනද , ලෝහ තහඩුවකින් රවුම් ටිකක් කපලත් මේ වැඩේ කරන්න පුළුවනි නේද (දිල්)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 11:08 AM

මොහුගේ නිර්මාණශීලි චින්තනය අගය කරමි. එහෙත් කාසි ටික නම් අපරාදෙ නේද? (ස)

:       0       0

අසෝකා Tuesday, 06 May 2014 02:58 PM

ඉස්සර තිබුණ කාසි වල වටිනාකමක් තිබුණා. දැන් තියෙන කාසි නමට සහ හදුනා ගැනීමට පමණක් තියෙන කාසි. වටිනාකම අතින් අන්තිමයි. නමුත් කලාකරුවෙකුගේ නිර්මාණ සිතුවිලි මිලක් කරන්න අපහසුයි. හරියට මැණිකක් නොදන්නා අපි ගල් කැටයක් කියා පයින් ගසා ගියත් මැණික් ගැන දන්නා පුද්ගලයා එය ඇහිද ගන්නවා වගේ! (ස)

:       0       0

සමන්ති Monday, 05 May 2014 06:23 PM

අපිත් පොඩිකාලේ වෙසක් එකට කැරකෙන කූඩූ හදනකොට මැද විදපු තඹ සතයක් ගත්තා කූඩුව කරකවන්න . දැන් කූඩූ හදන්නේ නැහැ. (නි)

:       0       0

ඩිලාන් Monday, 05 May 2014 06:39 PM

මොකක්ද මේ අලුත් වැඩේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘යාගී’ වියට්නාමයේ 14 ක් බිලිගනී
2024 සැප්තැම්බර් මස 09 78 0

චීනය කැලැඹීමෙන් පසු, වියට්නාමයට කඩා වැදුණු ‘යාගී’ සුළි කුණාටුව එරට 14 දෙනෙක් බිලිගත් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම 2024 වසරේ ආසියානු කලාපයට කඩා වැදුණු දරුණු


මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන්
2024 සැප්තැම්බර් මස 09 1456 3

මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි.


සුඩාන වැසියෝ 21 ක් මරුට
2024 සැප්තැම්බර් මස 09 115 0

ගිනිකොණදිග සුඩානයේ, වෙළෙඳපොළකට, ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 70 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.


නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් මියයති
2024 සැප්තැම්බර් මස 09 62 0

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක්, තවත් වාහන කීපයක ගැටී, ගිනිගෙන පිපිරී යෑමෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 ඉක්මවයි.


මොරොක්කෝවට මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 09 36 0

ජල ගැලීම් හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් සිවු දෙනකු මියගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.


ඇමෙරිකා ගිය රාහුල්ට උණුසුම් පිළිගැනීමක්
2024 සැප්තැම්බර් මස 09 40 0

තෙදින සංචාරයකට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට ගිය ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායකයා මෙන්ම ඉන්දියාවේ විපක්ෂ නායකයා ද ව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site