එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට වියට්නාමය කටයුතු යොදා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මියගිය කියුබා නායක ෆිදෙස් කැස්ත්‍රෝ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමටත් කළගුණ සැලකීමටත් එදින වෙන් කර ඇතැයි වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කරයි.
වියට්නාම ජාතික සභාව, ජනපති, දේශපාලන පක්ෂ එකතුව වියට්නාමය සහ කියුබාව අතර පවතින විශේෂ සම්බන්ධතාවය සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයි වියට්නාම විදේශ අමාත්‍යංශය කියයි.
එළැඹෙන සඳුදා වියට්නාම ජනපති ට්‍රාන් ඩායි ක්වාන්ග්, අගමැති ගුයෙන් ෂුආන් පූ ඇතුළු බලධාරීන් රැසක් කස්ත්‍රෝ වෙනුවෙන් එරට කියුබා තානාපති කාර්යාලයේ දී ගුණ සමරු වැඩසටහනක් සංවිධානය කර ඇත.
වියට්නාම ජනපතිවරයා කියුබා නායකයා වෙනුවෙන් පළ කළ ශෝක සටහනේ දැක්වෙනුයේ කස්ත්‍රෝ විශිෂ්ට මෙන්ම සමීප මිතුරකු බවත් පසුගිය 50 වසරක කාලයේ සියලු වියට්නාම රාජ්‍ය නායකයන්ගේ සහෝදරයකු මෙන්ම මිතුරකු ලෙසද කටයුතු කළ බවත්ය. ඔහු වැනි විශිෂ්ට විප්ලවීය නායකයකු මුණ ගැසීමට ලැබීම තමා ඇතුළු පිරිස ගෞරවයක් බවද වියට්නාම ජනපති කියා ඇත.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කස්ත්‍රෝ වෙනුවෙන් වියට්නාමයේත් ශෝක දිනයක්