කියුබාවේ විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝගේ සිරුරේ භෂ්මාවශේෂ සන්තියාගෝ නුවරට රැගෙන එනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සන්තියාගෝ යනු කියුබා විප්ලවය ආරම්භ කළ නගරයයි. විප්ලවීය නායකයාට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ ගණනින් පිරිස් එහි ඇදී එතැයි කියති.
බ්‍රසීලයේ හිටපු ජනපතිවරුන් වන ලුවිස් ලූලා ද සිල්වා සහ ඩිල්මා රූසෙෆ් ද කස්ත්‍රෝගේ අවසන් කටයුතු වෙනුවෙන් කියුබාවට පැමිණ සිටින අතර තවත් රටවල් රැසක නියෝජිතයෝ එහි පැමිණීමට නියමිතය.
මේ අතර කස්ත්‍රෝගේ අවසන් කැමැත්තට අනුව ඔහු නමින් පිළිරූ, ස්මාරක, ගොඩනැගිලි හෝ මාර්ග ඉදිනොකරන බව සොයුරු රාවුල් කස්ත්‍රෝ දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නායකයෝ (නි)