කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය වන ප්‍රදේශයකදී බස්රථයක් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් වන්දනාකරුවන් හත්දෙනකු මියගොස් 19දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අයගෙන් හයදෙනකුම කාන්තාවන් බව පොලිසිය පවසයි.ගුජරාටි ප්‍රාන්තයේ සිට අමරනාත් ගුහාව වන්දනා කිරීමට ගිය වන්දනාකරුවන් පිරිසක් රැගෙන ආපසු එමින් සිටි බස් රථයක් මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත.

බලධාරීන් පවසන්නේ මෙය බස්රථය ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක් නොවන බවයි.  වාර්තා වී ඇති තොරතුරු අනුව පෙනීයන්නේ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකට බස් රථය මැදි වීම බව ප්‍රාන්ත පොලිසිය පවසයි.

කෙසේ වුවද මෙම ප්‍රහාරය නිසා ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බවට වාර්තා වේ.

ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ප්‍රාන්තයේ සිට පැමිණි සංචාරකයින්  පිරිසක් ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් එම ප්‍රහාරයට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විරෝධයක් මතුව තිබේයැයි පැවසේ.

වාර්ෂිකව විශාල බැතිමතුන් පිරිසක් අමරනාත් ගුහාව වන්දනාමාන කිරීමට පැමිණෙන බව කියැවේ.

(බිබිසී පුවත් ඇසුරිණි - 085)