කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයේදී  ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් තිදෙනකු මියගොස් තවත් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
ප්‍රාදේශීය ඇමතිවරයෙකු ගමන් කළ රථ පෙලක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇතැයි ද ඔහුට අනතුරක් සිදු වී නැතැයි ද පොලිසිය පවසයි. 

ඇමතිවරයා ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට සහභාගි වීමට යමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බුර්හාන් වානි නම් ත්‍රස්තවාදී නායකයාගේ උපන් ගම වන ට්‍රේල්හිදී ය. බුර්හාන් වානි පසුගිය වසරේ ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මරණයෙන් පසු ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් වැඩි වූ බව පැවසේ. 

(ඩේලිමේල් ඇසුරිණි - 085)