ජම්මු කාශ්මීරයේ පුල්වාම ප්‍රදේශයේදී අද(18) හමුදාභටයන් සහ ත්‍රස්තවාදීන් අතර වූ වෙඩි තැබීමකින් මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් 4ක් සහ ත්‍රස්වාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ඉකුත් 14වනදා පුල්වාමහිදී මෝටර් රථ බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයට කිලෝමීටර් 10ක පමණ දුරකදී මෙම ගැටුම ඇති වී තිබේ.
මියගොස් ඇත්තේ 55 වන රාෂ්ට්‍රීය රයිෆල් බලකායට අයත් භටයන් සිව්දෙනෙකි.
ගැටුමෙන් හමුදා භටයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර සිවිල් වැසියකුද මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම ගැටුමෙන් මෝටර් රථ බෝම්බ ප්‍රහාරය එල්ල කළේ යැයි සැළකෙන ගාසී නම් ත්‍රස්තවාදීවාදියා ද මිය ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.
ජායිෂ් ත්‍රස්තවාදීන් තිදෙනෙකු පිංලාන්හි සැඟව ඇති බවට හමුදාව ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ඊයේ(17) මධ්‍යම රාත්‍රියේදී ආරම්භ කෙරිණි.
එම ප්‍රදේශයේ තවදුරටත් ත්‍රස්වාදීන් කිහිපදෙනෙකු සැඟව සිටින බවත් උදෑසන 9ට පමණ නැවත මෙහෙයුම ආරම්භ කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මෙහෙයුම සදහා 55වන රාෂ්ට්‍රීය බලකාය, සී ආර් පී එෆ්හි බලකායන් දෙකක්ද, ජම්මු කාශ්මීරයේ පොලිසිය ද එක්ව සිටියහ.
(එන් ඩී ටී වී ඇසුරිනි)
16844

2025 දෙසැම්බර් මස 04
471
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාශ්මීරයේ ගැටුමකින් සෙබළු 4ක් - ත්‍රස්වාදීහු 2ක් මරුට