සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකුට සෞදි අරාබිය මරණ දඬුවම නියම කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් අද(23) පැවසීය.
අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ ජමාල් කෂෝග්ජි, සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දැරුවේය.
2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී, කෂෝග්ජි ඝාතනය කෙරිණි. සෞදි රජයේ ඉහළ ම තනතුරු හා සම්බන්ධතා පවත්වන පිරිසක් විසින් මෙම ඝාතනය කරන ලදැයි පැවසේ.
සෞදි රාජකීය අධිකරණයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සවුල් අල් කටානි සම්බන්ධයෙන්ද මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වූ නමුත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් හමු නොවූ බවද, සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විත්තිකරුවන් 10 දෙනෙකු මුදාහැරිය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
(සී එන් එන් ඇසුරිනි)
16844
COMMENTS
පහත් තැනින් ජලය ගලායයි... කියන්නේ මේවගේ අවස්ථාවලටයි. මේ නඩුවේ පළමු චූදිතයා වන්නේ සෞදි කුමාරයයි. ඔහු තමයි මේ පුද්ගලයාව මරන්න වධකයින්ව තුර්කියට එවන්නේ. මේ බව 100% ක් ඔප්පුවෙලා තියෙද්දිත් ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කියනවා මේ ප්‍රශ්නය නිසා ඩොලර් බිලියන 100ක යුද ආයුධ බිස්නස් එක නැතිකරගන්න බැහැ.. ඒ නිසා මම කුමාරයට චෝදනා කරන්නේ නැහැ කියලා. (අන්තිමට කශෝගිව මරලා, කොටස් වලට කපලා තියෙන්නේ ශල්‍ය වෛද්‍ය වරයෙක්, ඒ සියලුම කොටස් ඇසිඩ් වල දමා සම්පුර්ණයෙන් දියකොට ඔහුගේ මිනිය අතුරුදහන් කළා.) මුලින්ම තුර්කියේ සෞදි තානාපති කාර්යාලය මේ ගැන කිසිවක් කිව්වේ නැහැ. තානාපති කාර්යාලයේ ඇතුළත තිබූ වීඩියෝ කැමරා ක්‍රියා විරහිත කර තිබුණත් පිටත තිබු කැමරාවක ඔහු තානාපති කාර්යාලයට ඇතුල්වන බව පෙන්වූවා. නමුත් ඔහු නැවත පිටව ගියේ නැහැ. නමුත් කශෝගී පළන්දන් හිටපු ඇපල් ස්මාර්ට් වොච් එකෙන් ..ඔහුට වද දෙද්දී නැගෙන, වේදනාවෙන් කෑගසන හඬවල් සියල්ල ඔහුගේ ෆේස් බුක් අඩවියේ වර්තාවුණා.. ඔහුගේ පෙම්වතිය ඒ සියල්ල ලබාගෙන තමයි සෞදියට චෝදනා එල්ලකලේ. බලන්න කොයි තරම් සියුම්ව මේ අපරාධය කළත් අන්තිමේදී සුළුදෙයක් නිසා එලිවුණා.
මෙරට ආරංචි මාර්ගවලට අනුව කශෝග්ජි මරන්න අණකල මූලිකයා තවම අත්අඩංගුවට අරගෙන නඩු පවරා නැති වගයි.
අවි ගත්තෝ අවියෙන් නසී
ජමාල් කශෝග්ජි ඉතා කුරිරු අන්දමින් මරා දමා තිබුණා. ත්‍රස්තවාදීන් ලෝකේ හැමතැනම මේකට සම්බන්ද උන හැම දෙනාටම දැඩි දඩුවම් දෙන්න ඕනි.
ඔන්න සෞදි ක්‍රමය! එකෙක් මැරුවා කියලා හතර දෙනෙක්ම මරල දාන එක.