ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති රොනල්ඩ් රීගන් පුස්තකාල ගොඩනැගිල්ල මේ දිනවල කැලිෆෝනියාවේ ව්‍යාප්තවෙමින් පවතින ලැව්ගිනිවලින් බේරාගැනීමට 500ක පමණ එළුවන් රංචුවක් සමත් වී ඇත.
මෙය, ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු මෙන්ම, කැලිෆෝනියාවේ ආණ්ඩුකාරයකුද ව සිටි රොනල්ඩ් රීගන් මහතාගේ පුස්තකාලයයි.
පසුගිය මැයි මාසයේදී පුස්තකාලය අවට අක්කර 13ක පමණ ලැහැබට තණ උලා කෑම සඳහා එළුවන් රංචුවක් දිගේලි කර තිබිණි. මේ හේතුවෙන් ගින්න පැතිරයාමට තණකොළ නොවූ අතර, ගින්න පුස්තකාලය වෙත ළඟා වී නොතිබිණි.
ගිනි නිවන භටයන් 1000කගෙන් යුතු කණ්ඩායමක් ජනපති පුස්තකාලය අවට කඳුකරයේ ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටින බව පැවසේ.
එළුවන් යොදාගනිමින් ඇමෙරිකාවේ බටහිර දිග ඇතිවන ගිනි පාලනය කිරීමට ගත් උත්සාහය, මිනිසුන් යොදා රසායනික ද්‍රව්‍ය භාවිත කර ගිනි නිවීමට වඩා පරිසර හිතකාමී යහපත් පියවරක් බව ජනයා පවසති.
(ද ගාඩියන් ඇසුරිනි)
16844




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට එළුවෝ ඕනෙ නෑ. එක්කෙනෙක් ඉන්නවා. ලැව් ගිනි කියල වචනයකුත් ඉදිරියට ඕනෙ වෙන එකක් නෑ....