චීනයේ උමං දුම්රිය නැවතුමක පෙම්වත්තු දෙදෙනෙකි.පෙම්වතිය නොනවත්වාම කියවන්නීය.පෙම්වතාට වගේ වගක් නැත.අලූතින්ම මිලයට ගෙන ඇතැයි පෙනෙන අයිපෝනයක් සමග ඔහු වෙනම ලෝකයකය.

පෙම්වතියගේ හඬ එන්න එන්නම සැරය.සියලූදෙනාගේම අවධානය ඔවුන් වෙතය.

ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය සෙයක් පෙනුණි.පෙම්වතාගෙන් අයිපෝනය උදුරාගන්නට ඇය තැත් කළාය.

එය අත් හැරියේ නම් ඔහු නොවේ.බියපත් දරුවෙකු තම මවගේ අතෙහි එල්ලෙන්නාක් මෙන් ඔහු තම ‘‘වස්තුව‘‘ වන අයිපෝනයේ එල්ලීගෙනය.

ඇය නැවත වරක් ඇද්දාය.ඔහු පය පැකිළී බිම වැටුණේය.තවමත් අයිපෝනය ඔහුගේ අතේය.

ඇය කෝපයෙන් පිපිරෙන්නීය.දුම්රියද පිටත්ව යෑමට ආසන්නය.පෙම්වතා බිමය.ජංගම දුරකථනය ඔහුගේ අතේ සිරවීය.

කෝපයෙන් මිමිණූ ඇය තම පෙම්වතාව ජංගම දුරකථනයෙන්ම ඇදගෙන දුම්රිය වෙත යන්නට ගත්තාය.ඔහුගේ උරිසට පය තබා වැර යොදා ඇද දුරකථනය තමන් අතට ගැනීමට ඇය තැත් කළාය.

එයද සාර්ථක නොවුනි.දුරකථනය ගැලවිය නොහැකි සේ පෙම්වතාගේ අතට සවිකර ඇත්තාක් මෙනි.

මෙයින් පසු ජංගම දුරකථනයෙන් තම පෙම්වතාව වෙන් කරන්නට ඇය තැත් නොකළාය.එයින්ම ඇදගෙන ඔහුව දුම්රියට ගොඩ කළාය.ඇයද නැග ගත්තාය.

දුම්රිය පිටත්ව ගියේය.

අවට සිටියෝ විවිධ අදහස් පළ කළහ.මෙය දුරකථන සමාගමක ප‍්‍රචාරක උපක‍්‍රමයක් වන්නට ඇතැයි ඇතැම්හු කීහ.

නමුත් බොහෝ දෙනා මේ නම් රගපෑමක් නොවන බව පැවසූහ.

දුම්රිය මැදිරියේදී නම් දෙදෙන ගැටුම සමථයකට පත්කර ගත් බව එහි සිටි මගියෝ පසුව කීහ.

article-0-20AE9D6F00000578-369_634x662 article-0-20AE9D8A00000578-54_634x1023 article-0-20AE9D6900000578-429_634x392 article-0-20AE9D8000000578-549_634x400 article-0-20AE9D8500000578-971_634x301