
දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං 737 ගුවන් යානය ඩුබායි සිට විශේෂ ගුවන් යානයකින් කේරළ ප්‍රාන්තයේ කොෂිකෝඩිහි ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම ගුවන් යානය ගොඩබෑමට යද්දී පෙරළී ගොස් යානය කොටස් දෙකකට කැඩී ගොස් තිබේ.
ගුවන් යානය කොටස් දෙකකට බිඳී යාමෙන් "ඉන්ධන කාන්දු වී ඇති නමුත් එයින් ගුවන් යානය ගින්නට හසු නොවීම ආශ්චර්යයක්. එහෙම වුණා නම් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකිය" යැයි එම ස්ථානයේ සිටි එක් හදිසි ආපදා අස්වැසුම් නිලධාරියෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd