IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කොරියන් යුද්ධය සටන් විරාමයෙන් ඔබ්බට

වර්ෂ1953 දී එක්සත් ජාතීන්ගේ ආවරණය යටතේ සටන් කළ එක්සත් ජනපද හමුදාව සහ චීනයේ සහාය ලත් කිම් ඉල්සුන්ගේ හමුදාව අතර සටන් අවසන් වූයේ සාම ගිවිසුමකින් නොව සටන් විරාමයකිනි. එනම් නිල වශයෙන් එම රටවල් දෙක තවමත් සටන අවසන් කර නැත. මේ තත්ත්වය වඩාත් අවධානයට ලක් වන්නේ දකුණු කොරියාවේ හා එක්සත් ජනපද හමුදා මේ සතියේ සඳුදා සිට ආරම්භ කළ යුද අභ්‍යාසයත් සමග කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය නිසාය. න්‍යෂ්ටික බලයෙන් කි‍්‍රයා කරන සබ්මැරීන යොදා කෙරෙන මෙම යුද අභ්‍යාසය තමන්ට එරෙහි සටනකට කෙරෙන පෙරහුරුවක් ලෙස හඳුන්වන උතුරු කොරියාව එවැනි ප‍්‍රහාරයකින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට උපරිමයෙන් සූදානම්වන බව ප‍්‍රකාශ කරයි. මේ සතියේදී උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ප‍්‍රකාශයක් කරමින් තම හමුදාවට මඟ පෙන්වීම් රාශියක් නිකුත් කළ බව කීවේය. ඉන් අදහස් වන්නේ තම න්‍යෂ්ටික අවි බලය ශක්තිමත් කිරීම සඳහා තවත් න්‍යෂ්ටික පිපිරවීමක් විය හැකි යැයි බොහෝ වාර්තාවල සඳහන්වේ.

 

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්

මීට පෙර 2006 දී සහ 2009 දී උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් දෙකක් සිදු කළේ එක්සත් ජනපදයේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්බාධක පැනවීමත් සමගය. මෙම සම්බාධක අනුව උතුරු කොරියාවට න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ ප‍්‍රහාරක රොකට් අත්හදා බැලීම් තහනම් කෙරිණ. ඉන්පසුව තුන්වැනි වරටත් සම්බාධක තවත් දැඩි වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදී උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කිරීමත් සමගය. මෙම රොකට්ටුව ගුවන් ගත කළේ සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීම සඳහා යැයි පවසන උතුරු කොරියාව එවැනි සාමකාමී කටයුතු සඳහා රොකට්ටු යොදා ගැනීමට තමන්ට සම්පූර්ණ අයිතියක් ඇතැයි අවධාරණය කරයි. එහෙත් දකුණු කොරියාව සහ එහි මිත‍්‍ර රටවල් වන එක්සත් ජනපදය හා ජපානය එය දුරදිග මිසයිල අත්හදා බැලීමක් බව කියති. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ චීනය ඇතුළු සියලූ සාමාජික රටවල් නව සම්බාධක පැනවීමට සහාය දුන්හ. උතුරු කොරියාවේ රොකට් අත්හදා බැලීමට ප‍්‍රතිචාර වශයෙන් පසුගිය සතියේදී දකුණු කොරියාවද රොකට්ටුවක් ගුවන් ගත කළද ඊට අන්තර් ජාතික විරෝධයක් පළ වූයේ නැත.


ඉන් අනතුරුව එක්සත් ජනපදය හා දකුණු කොරියාව මෙම සතියේ සඳුදා සිට දින තුනක යුද අභ්‍යාසයක් ඇරැුඹීමට උතුරු කොරියාව ප‍්‍රතිචාර දැක්වූයේ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලිීමක් කරන බව පැවසීමෙනි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව එක්සත් ජනපදය සිය චන්ද්‍රිකාවලින් ලබාගත් තොරතුරුවලින් තහවුරු කර ගෙන ඇත. එමෙන්ම න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන්නේ නම් එය භූකම්පන තරංග ආශ‍්‍රයෙන් තහවුරු කර ගැනීමටද එක්සත් ජනපදය සූදානම්ය. මේ සතියේ සඳුදා රාජ්‍ය ලේකම් තනතුරේ වැඩ භාරගත් ජෝන් කෙරි දකුණු කොරියානු විදේශ ඇමැතිවරයා සමග දුරකථන සාකච්ඡාවක යෙදෙමින් උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළහොත් ඉතා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට එක්සත් ජනපදය පසුබට නොවන බවට සහතික වූයේය. මෙතෙක් පැනවූ සම්බාධක කිසිවකින් උතුරු කොරියාව දුර්වල කිරීමට හෝ යටපත් කිරීමට නොහැකිවූ නිසා දැඩි කි‍්‍රයාමාර්ගය අවි බලය යොදා ගැනීමට වඩා අඩු දෙයක් විය නොහැකිය. 1953 සටන් විරාමයේ සිට එක්සත් ජනපදය හමුදා භටයන් 28500ක් දකුණු කොරියාවේ රඳවා ඇත.

 

දකුණු කොරියාවේ මිසයිල ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක්

එක්සත් ජනපදය වැනි  සුපිරි බලවතකුගේ ප‍්‍රහාරයකට මුහුණදීමට හා ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට හැකියාවක් පවතීද යන්න ගැන කිසිවෙකු තුළ අධි තක්සේරුවක් විය නොහැකි නමුත් න්‍යෂ්ටික අවිද යොදා ගන්නා ගැටුමකදී විය හැකි හානිය කලාපයේ බොහෝ රටවලට බලපාන බවට සැකයක් නැත. තමන්ගේ ශක්තිය ගැන තක්සේරුවක් කර ගන්නා උතුරු කොරියාවද උපරිම හානියක් සිදු කිරීමට පසුබට වන්නේ යැයි කිව නොහැකිය. චීනය වැනි රටක් ඊට කුමන ප‍්‍රතිචාරයක් දක්වන්නේද යන්නත් වැදගත් සාධකයක් විය හැකිය. එවැනි පසුබිමක් තුළ අවි ගැටුමකට යෑම අවසාන විසඳුමක් නොවන නමුත් මෙම ගැටලූව වෙනත් මාර්ගයකින් විසඳා ගැනීමට විශේෂයෙන් එක්සත් ජනපදයට අවශ්‍යතාවක් පවතීද යන්න සැක සහිතය. චීනය අයිතිවාසිකම් ඉදිරිපත් කරන සියා ඕයු දුපත ගැන ජපානය සමග ඇති අර්බුදයේදීත් දකුණු චීන මුහුදේ ස්ප‍්‍රැට්ලි දුපත් සම්බන්ධ අර්බුදයේදීත් එක්සත් ජනපදයේ වඩාත් ප‍්‍රමුඛ කර ගත්තේ සිය දේශපාලන හා හමුදාමය අවශ්‍යතාවන්ය. එය කොරියානු ගැටුමකදීද වෙනස් විය නොහැකිය. එම නිසා කොරියාවේ නැගෙනහිර මුහුදේ කෙරෙන හමුදා අභ්‍යාස සැබෑ මෙහෙයුමක්වීමේ අනතුර සුළුකොට තැකිය යුතු නොවේ.

 

සටහන: මහින්ද හත්තක

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසය

 

දකුණු කොරියානු ජනාධිපති

 

දකුණු කොරියාවේ රොකට් අත්හදා බැලීමක්

 



අදහස් (0)

කොරියන් යුද්ධය සටන් විරාමයෙන් ඔබ්බට

පී.ඒ.චන්ද්‍රදාස Friday, 08 February 2013 01:18 PM

යුද්ධයකින් දෙපාර්ශවයේ ශක්තිය උරගා බලනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ලොව සාමය උදෙසා සහාය දීම වඩාත් උචිතය. (නි)

:       0       0

අරලියා Sunday, 10 February 2013 03:03 PM

මාර පත්තර මහත්තයෙක්නේ. (නි)

:       0       0

තිලින Friday, 08 February 2013 03:06 PM

දෙ‍වෙනි රූපය නම් උතුරු කොරියාව වගේ (ස)

:       0       0

සම්පත් Saturday, 09 February 2013 05:15 PM

අර මියයිල් ටික උතුරැ කොරියාවේ.. අයියෝ අනේ තාම රටක කොඩියක්වත් අදුරගන්න බැරිද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 11 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 335 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site