සෝල්හිදීය (රොයිටර්)
කොරියානු යුද්ධය නිසා බෙදුණු පවුල් නැවත එකතු කිරීම සඳහා උතුරු සහ දකුණු කොරියානු නායකයෝ අද (22) සාකච්ඡා පැවැත්වූහ. වසර තුනකට පසු වෙන්වුණු පවුල් එක් කරන පළමු අවස්ථාව මෙය වන අතර රතු කුරුස සංවිධානය ද මෙම කාර්යයට මැදිහත් වි සිටී.
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් හේතුවෙන් පළුදු වූ සබඳතා වර්ධනය කරගැනීමට අප්‍රේල් 27 වැනිදා පැවැති හමුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව උතුරු කොරියානු නායකයා එම හමුවේදී පොරොන්දු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කොරියානු යුද්ධය හේතුවෙන් දෙරටට වෙන්ව ගිය පිරිස් එකතු කිරීමට උතුරු සහ දකුණු කොරියාව එකඟතාව පළ කර තිබේ.
උතුරු කොරියාවේ සංචාරක ගමනාන්තයක් වන කුම්ගන්ග් කඳුකර ප්‍රදේශයේදී දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා තිබේ. එම සාකච්ඡාවලදී පවුල් යළි එක් කිරීම වෙනුවෙන් ලබන අගෝස්තු මාසයේදී දෙරටට පොදු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.
“යහපත් ප්‍රතිඵල උදෙසා අපි එකිනෙකා විශ්වාස කරමින් ක්‍රියාශීලිව කටයුතු කළ යුතු” යැයි උතුරු කොරියානු නියෝජිත පිරිසේ නායක පාක් යොන්ග් ඉල් පැවැසීය.
කොරියානු යුද්ධය නිසා බෙදී උතුරුට සහ දකුණට ගිය පිරිස බැලීම සඳහා යා යුතු බවත් “එම ක්‍රියාවලිය මානුෂීය සහ මානව අයිතිවාසිකම්” සම්බන්ධ කරුණක් ලෙස සලකා ක්‍රියාකළ යුතු බවත් කොරියානු නියෝජිතයෝ කීහ. එදා කොරියානු යුද්ධය වෙන්ව ගිය පවුල්වල සාමාජිකයන්ගෙන් බොහෝ දෙනා අද වනවිට ඔවුන්ගේ 80 වැනි වියත් පසු කර සිටිති.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස වෙන්වුණු පවුල් වල සාමාජිකයන් යළි එකතු කිරීමේ වැඩසටහන් පවත්වන ලද අතර ඒවා අවසන් වූයේ වේදනාකාරී වෙන්වීම් වලිනි.
එම වැඩසටහන්වලින් කිහිපයක්ම රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණි. එම බොහෝමයක් යළි හමුවීම් කඳුළු සහ වේදනාවෙන් පිරුණු මුණ ගැසීම් විය. අවසන් වරට කොරියානු යුද්ධය නිසා උතුරට සහ දකුණට වෙන්ව එකම පවුලේ සාමාජිකයන් යළි එකතු කරන ලද්දේ 2015 වසරේදීය.
055
2025 දෙසැම්බර් මස 18
232
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියානු යුද්ධයෙන් බෙදුණු පවුල් නැවත එකතු කිරීමට සාකච්ඡා