ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පහර දෙන බවට උතුරු කොරියාව කළ තර්ජන හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් ජපන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙරේදා (14) ජපානයට පැමිණියේය.
ප‍්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවූ අවස්ථාවේදී ජපානය ද ඔවුන්ගේ මිසයිල ආරක්ෂක පද්ධතිය පණ ගැන්වීය. 
ජපානය, ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට සහාය පළ කරයි. යළිත් වරක් කොරියානු යුද්ධයක් ඇතිවුවහොත් උතුරු කොරියාවෙන් ජපානයට ද ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතී.
ජපන් සංචාරයේදී ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ජපාන විදේශ ඇමැති ෆුමියෝ කිෂිඩා හමුවී ජෝන් කෙරී දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත් වූ බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එම අවස්ථාවේදී යළිත් වරක් අවධාරණය කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජපන් අගමැති හමුවී...