IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘කරමලෙන් පාද හැදිලා‘

මිනිසා ඇතුළු කොදු නාරටියක් පිහිටන ජීවීන්ගේ අපර පාද පරිනාමය වී ඇත්තේ කරමල් වලින් යැයි නවතම මතයක් ඉදිරිපත් වී තිබේ.

2004 වසරේදී ඇමරිකාවේ ඩෙ‍්‍රක්සෙල් සරසවියේ පර්යේෂකයින් දෙපළක් සොයාගත් වසර ලක්ෂ 3750 ක් පැරණි මත්ස්‍ය පොසිලයක් තව දුරටත් අධ්‍යනය කිරීමෙන් මෙම මතය ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකි.

ටික්ටාලික් රෝසේ නමින් හැදින්වෙන මෙම ජීවියා වසර ලක්ෂ 3750 කට පෙර පෘථිවියේ පැවති ජල තටාකයන්ගේ ආධිපත්‍යය පතුරුවාගෙන සිට ඇතැයි සදහන් වේ.

පෙනුමින් එවක සිටි කිසිදු මත්ත්ස්‍යයෙකුට සමාන නොවූයේයැයි පැවසෙන මේ සත්වයා ගේ පෙනුම කිඹුලෙකුගේ හා මත්ස්‍යයෙකුගේ එකතුවක් ලෙස දැක්විය හැකි යැයි පර්යේෂකයෝ කියති.මත්ත්ස්‍ය මෙන්ම කොදු නාරටියක් පිහිටන ජීවීන්ගේ ගති ලක්ෂණද එක සේ පිහිටා තිබූ මෙම සත්ත්වයාට ජලයේ සේම ගොඩබිමද ජීවත් වීමට හැකියාව තිබී ඇතැයි ඔවුහු පවසති.

 

පෙරදී අපර පාද පරිනාමය වන්නට පටන් ගත්තේ එවක ගොඩබිම ජීවත් වූ පූර්ව පාද පමණක් දැරූ ජීවීන් එම පාදයන් ආධාරයෙන් අපහසුවෙන් බඩගා යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස යැයි විශ්වාස කෙරුණි.මුල් සමයේ ඔවුනට අපරපාද ඇතිවීමට මුල් වන උකුල් ඇටයක් නොපිහිටන්නට ඇතැයි විද්වත් මතය වේ.

නව පර්යේෂණයෙන් ටික්ටාලික් හට උකුල් ඇටයකුත් පිහිටා තිබී ඇති බව සොයාගෙන තිබේ.එනම් කාලවකවානු සැළකීමේදී ගොඩබිම විසූ ජීවීන් හට උකුල් ඇටයක් ඇතිවීම ආරම්භ වීමට බොහෝ කලකට පෙර සිටම ටික්ටාලික් හට උකුල් ඇටයක්ද පිහිටා තිබී ඇත.

පර්යේෂකයින් පවසන ආකාරයට මෙම උකුල් ඇටයට සවිවුනු කරමල් යුගලක්ද ටික්ටාලික් හට පිහිටා තිබී ඇත.ඒවායින් මෙම මත්ත්ස්‍යා තම පිහිනුම් කටයුතු වඩා පහසු කරගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි.

උකුල් ඇටයක් පිහිටීමත්,එයට සවිවුණු කරමල් පිහිටීමත් ආදිතම අපර ගාත‍්‍රා පිහිටීමක් ලෙස හදුනාගත හැකි යැයි පර්යේෂකයින් කියයි.මෙම පිහිටීම පරිනාමය වී ගොඩබිම විසූ ජීවින්ටද උකුල් ඇටයක්ද,අවශ්‍යතාව අනුව ඒ හා ඇතිවූ අපර පාදයන්ද ලැබෙන්නට ඇතැයි ඔවුන්ගේ මතයයි.

තවද ටික්ටාලික් හට දියේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකියාවක් තිබීම මෙම මතය නිවැරදි යැයි තහවුරු කරන්නක් යැයි පර්යේෂකයින්ගේ අදහස වී ඇත.



අදහස් (0)

‘කරමලෙන් පාද හැදිලා‘

කුමාර් Wednesday, 15 January 2014 04:41 PM

හනේ මෙහෙම පරිනාම වාදයක්, මේ සත්තු පරිනාමයක් වෙනවනං, අවුරුදු ලක්ෂ 3750, තාමත් ඒ සතා වගේම ඉන්නේ කොහොමද??? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site